×

තමන්ගේම පාසලට වෙඩි තැබූ ඇමරිකානු සිසුන් දෙදෙනෙක් – Update

ඇමරිකාවේ කොලරාඩෝ ජනපදයේ පාසලක ශිෂ්‍යයන්ට එම පාසලේම අධ්‍යාපනය ලබමින් සිටි සිසුන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඇති බව වාර්තා වේ.


එහිදී එක් ශිෂ්‍යයෙක් මිය ගොස් තවත් 8 දෙනෙක් තුවාළ ලබා ඇත.

මෙම ප්‍රහාරකයන් දෙදෙනාම එම පාසලේ සිසුවන් බව හෙළි වී ඇත.

ඔවුන් දෙදෙනාම මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වෙඩි තැබීම සිදුවූ ඩෙන්වර් අසල STEM School Highlands Ranch පාසලේ ශිෂ්‍යයෝ 1800 දෙනෙක් පමණ ඉගෙනුම ලබති.

මෙම පාසලට මීට පෙර ද වෙඩි තැබීම මගින් සංහාරයක් සිදුකරන බවට තර්ජන එල්ල වී තිබූ බව ද වාර්තා වේ.

ලිහිල් ගිනි අවි නීති, ඇමරිකානු පුරවැසියන්ගේ ජීවිතවලට කොතරම් විශාල බලපෑමක් එල්ල කර තිබෙන්නේ ද යන්නට නවතම උදාහරණය බවට මෙය පත්ව තිබේ.

මෙයට හරියටම වසර 20කට පෙර මාරක වෙඩි තැබීම් හේතුවෙන් ශිෂ්‍ය සංහාරයක් සිදුවූ කොලොම්බින් උසස් පාසල (Columbine High School) පිහිටා තිබෙන්නේ මෙම පාසලට සැතපුම් 7 ක් පමණ නුදුරින් වීම ද විශේෂත්වයකි.

විසි වසරකට පෙර සිදුවූ එම ඛේචවාචකය එදා සිටි විදුහල්පතිවරයා විස්තර කරන අන්දම..

20 years after Columbine, former Principal Frank DeAngelis is still learning how to move on



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි