×

හිලරි දකුණු කැලිෆෝනියාවට පහර දේ

මෙය වසර 84කට පසු ප්‍රාන්තයේ ඇති වූ පළමු නිවර්තන කුණාටුව වේ.


පැයට සැතපුම් 50 (පැයට කිලෝමීටර 85)හමායන හිලරි සුළි කුණාටුව දකුණු කැලිෆෝනියාවට ගමන් කර ඇතිබව එක්සත් ජනපද ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.

මෙය වසර 84කට පසු ප්‍රාන්තයේ ඇති වූ පළමු නිවර්තන කුණාටුව වේ. මේ සම්බන්ධයෙන් ලොස් ඇන්ජලීස් නගරාධිපති ප්‍රකාශ කර තිබුණේ, හිලරි පෙර නොවූ විරූ කාලගුණ සිදුවීමක් ලෙසයි.

මෙක්සිකෝවේ පැසිෆික් වෙරළ තීරයට අධික සුළං සහ තද වැසි වල බලපෑම පවතින අතර සැන්ටා රොසාලියා නගරයේ නිවාස ජලයෙන් යට වීම හේතුවෙන් මිනිසුන් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කරමින් සිටින බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි