×

රජයේ අක්‍රමිකතා නිසා ඊශ්‍රායලයේ පාසල් සිසුන් 18,000 කගේ අධ්‍යාපනය ඇණ හිටී!

අය වැය අක්‍රමිකතා නිසා 18000 ක් පාසල් සිසුන් අනාථයි..


ඊශ්‍රායලයේ දකුණු අල්-කසුම් කලාපයේ කුඩා ගම්මාන වල දරුවන් 18,000 පමණ පාසල් යාමෙන් වැළකී සිටින බවට වාර්තා වේ.

ඒ එරට අධ්‍යාපන අමාත්‍යංශයේ අක්‍රමිකතා හේතුකොට ගෙන ය.

ජෙරුසලම් පෝස්ට් පුවත් සේවය වාර්තා කරන අන්දමට, ඊශ්‍රායලයේ ගම්බද ප්‍රදේශ වල වාසය කරන දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය නිසි සම්පත් නොමැතිකම හා අයවැය ප්‍රතිපාදන වෙන් කිරීමට රජය කටයුතු කර නොතිබීම මීට හේතුවයි.

ඒ අනුව, ගම්බද ප්‍රදේශ වල ජීවත් වන දරුවන් පාසල නොයැවීමට දෙමාපියන් කටයුත් කොට තිබේ.

ඔවුන් අධ්‍යාපන අමාත්‍යංශය හා රජයෙන් ඉල්ලා සිටින්නේ මෙම ප්‍රතිපාදන නිසි පරිදි ලබා දෙන ලෙසයි.

මෙම අක්‍රමිකතාවයන් හේතුකොට ගෙන ඊශ්‍රායලයේ සුවහසක් දරු පරපුරගේ අධ්‍යාපනය ඇණ හිට තිබේ.

2020 වර්ෂයට අදාල අයවැය ප්‍රතිපාදන වල අධ්‍යාපනය සඳහා වෙන් කර ඇති ප්‍රමණය පිළිබඳ කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බව රටවැසියන් ගේ මතයයි.

මේ සමබන්ධව අධිකරණයේ ගොනු කළ නඩුවක් ද ක්‍රියාත්මක වන අතර, ජෙරුසලම් පෝස්ට් වාර්තා කළ අන්දමට අද (12) දින එය විභාගයට ගැනීමට ද නියමිතය.

මෙම නඩුව ක්‍රියාත්මක වන්නේ බීර්ෂීබා දිස්ත්‍රික් අධිකරණයේ එරට වේලාවෙන් පෙරවරු 11 ට ය.

ඊශ්‍රායල අධ්‍යාපන අමාත්‍යංශයට එරෙහිව මෙම නඩුව ගොනු කොට ඇත.

ඊශ්‍රායලයේ පවතින්නේ භාරකාර රජයකි. එනම් තාවකාලික රජයකි.

ගරා වැටුණු පාලන තන්ත්‍රයක් හිමි ඊශ්‍රායල රජය තවමත් මැතිවරණයක් තුළින් ස්ථාවර රජයක් පිහිටුවා ගැනීමට අසමත් ව පනතී.

වත්මන් භාරකාර රජය මේ වන විටත් ආර්ථික, නීතිමය හා දේශපාලනික වශයෙන් ප්‍රතිසංස්කරණ ඇතිකිරීමට අසමත්ව සිටී.

විධිමත් ප්‍රතිපත්ති සම්පාදනය කර ගැනීමට අපොහොසත් මෙම භාරකාර රජය මෙහෙයවනු ලබන්නේ එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නේතන්යාහු විසිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි