×

සුඩානයේ ඩ්‍රෝන් ප්‍රහාරයක් හේතුවෙන් 40 දෙනෙකු මරුට

එක්සත් ජාතීන්ගේ ප්‍රධාන සරණාගත ඒජන්සිය වන UNHCR අනුව,2022 වසරේ අප්‍රේල් මැද භාගයේ සිට ඇති වූ සටන් හේතුවෙන් මිලියන පහකට අධික සිවිල් පුරවැසියන් අවතැන්ව තිබේ.


සුඩානයේ අගනුවර වන කාර්ටූම්ට දකුණින් විවෘත වෙලඳපොලකට සුඩාන හමුදාව විසින් සිදු එල්ල කරන ලද ඩ්‍රෝන් ප්‍රහාරයක් හේතුවෙන් සිවිල් වැසියන් 40 දෙනෙකු මියගොස් 70 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

අල්-බුර්හාන්ගේ නායකත්වයෙන් යුත් රටේ හමුදාව සහ ජෙනරාල් මොහොමඩ් හම්දාන් ඩගාලෝ විසින් අණ දෙන ලද ප්‍රතිවාදී වේගවත් ආධාරක බලකාය (RSF) අතර අප්‍රේල් මැද භාගයේ සිට ඇති වූ සටන් හේතුවෙන් මිලියන පහකට අධික සිවිල් පුරවැසියන් අවතැන්ව ඇත. මේ වනවිට මාස පහකට ආසන්න කාලයක් පුරා ගැටුම් පැවතියද RSF සහ සුඩාන හමුදාව අතර තවමත් සාකච්ඡා නොමැත.

ගැටුම් රටේ ප්‍රදේශ කිහිපයකට පැතිර ගොස් ඇති අතර Khartoum, Omdurman සහ Khartoum North (Bahri) යන නගර ඒ අතරින් ප්‍රධාන වේ.

එක්සත් ජාතීන්ගේ ප්‍රධාන සරණාගත ඒජන්සිය වන UNHCR අනුව,2022 වසරේ අප්‍රේල් මැද භාගයේ සිට ඇති වූ සටන් හේතුවෙන් මිලියන පහකට අධික සිවිල් පුරවැසියන් අවතැන්ව තිබේ. තවත් මිලියන 1.1 ක ජනතාවක් අසල්වැසි රටවලට පලා ගොස් ඇත. එක්සත් ජාතීන්ගේ ප්‍රධාන සරණාගත ඒජන්සිය වැඩිදුරටත් සඳහන් කරන්නේ, යුද්ධයට මුහුණ දී සිටින ජනගහනයෙන් අඩක් පමණ වන සුඩාන ජාතිකයන් මිලියන 24.7කට මානුෂීය ආධාර සහ ආරක්ෂාව අත්‍යවශ්‍ය වන බවයි.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි