×

පූර්ණ ලෝහිත ‘වෘක‘ චන්ද්‍රග්‍රහණයක් හෙට.

මී ළගට මෙවැනි චන්ද්‍රග්‍රහණයක් දැකිය හැක්කේ එළැඹෙන 2021 වසරේය.


කලාතුරකින් සිදුවන විශේෂිත පූර්ණ චන්ද්‍රග්‍රහණයක් හෙට දින උදා වීමට නියමිතයි.

උතුරු අර්ධ ගෝලයේ පිහිටා තිබෙන රටවලදී පමණක් දැක ගත හැකි මෙම පූර්ණ චන්ද්‍රග්‍රහණයේදී Super blood wolf moon හෙවත් වෘක පුර්ණ ලෝහිත චන්ද්‍රයා දැක ගත හැකි බවට සදහන්.

උතුරු සහ දකුණු ඇමරිකාව , යුරෝපයේ සමහර රටවල් සහ උතුරු අප්‍රිකාවේදී මෙම චන්ද්‍රගහණය දැක ගත හැකි වෙයි.

‘ලෝහිත චන්ද්‍රග්‍රහණයක්‘ යනුවෙන් හඳුන්වන්නේ චන්ද්‍රග්‍රහණයේදී චන්ද්‍රයා ලේ රතු පැහැති වීමයි. එය සිදුවන ආකාරය ඉහත රූප සටහනේ දක්වා ඇත. එනම් මෙහිදී සූර්යයා, පෘථිවිය සහ චන්ද්‍රයා එකම සරල රේඛාවක පිහිටන අතර, සඳ මතට පෘථිවියේ සෙවණැල්ල වැටේ. එම සෙවණැල්ලෙන් චන්ද්‍රයා සම්පූර්ණයෙන්ම ආවරණය වන අතර, ඒ නිසා එය රතු පාටට දිස් වෙයි.

මෙම චන්ද්‍රග්‍රහණයේදී ද චන්ද්‍රයා පූර්ණ ලෙසම ලෝහිත පැහැය (තද රතු) ගන්නා අතර වෙනදාට වඩා චන්ද්‍රයා පෘථිවියට සමීපව සහ විශාලව දැක ගත හැකි වීම විශේෂත්වයකි.

මීට වසර දෙකකට මෙවැනි Super blood wolf moon දැක ගත හැකිවූ අතර එය පැයක් පමණ දිස් වූ බව කියැවේ.

මී ළගට මෙවැනි චන්ද්‍රග්‍රහණයක් දැකිය හැක්කේ එළැඹෙන 2021 වසරේය.
හෙට අළුයම 2.21 ට යුරෝපා රටවල් කිහිපයක සිට මෙම සුවිශේෂී චන්ද්‍රග්‍රහණය දිස්වනු ඇත‍.

මෙවැනි වෘක චන්ද්‍රග්‍රහණය සම්බන්ධව විවිධ මිත්‍යා විශ්වාසයයන්ද පවතින අතර , චන්ද්‍රග්‍රහණය අතර තුර වෘකයන් සද දෙස බලා වැළ පෙන හේතුවෙන් එයට වෘක චන්ද්‍රග්‍රහණය යැයි කියන බව ද ඇතැමුන්ගේ මතයකි. මෙවර යුරෝපා රටවල් කිහිපයකට මේ අත්දැකීම විඳින්නට සිද්ධ වන්නේ ශීත සෘතුවේ මැද භාගයේදී වන හෙයින් වෘකයන් සඳ දෙස බලා වැළපීම බොහෝ විට නිරීක්ෂණය වනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි