×

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සුවිසල් බහුවිධ මිසයිල දියත් කිරීම දෙවන වරටත් අත්හදා බලයි!

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අඟහරුවාදා දින සුවිසල් බහුවිධ මිසයිලය අත්හදා බැලීම දෙවන වරටත් අධීක්ෂණය කළ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.


උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අඟහරුවාදා (10) දින සුවිසල් බහුවිධ මිසයිල දියත් කිරීම අත්හදා බැලීම දෙවන වරටත් අධීක්ෂණය කළ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

උතුරු කොරියාව පසුගිය අඟහරුවාදා දින නව කෙටි-පරාස ප්‍රක්ෂේපන ප්‍රහාර මාලාවක් දියත් කළ අතර, ඉන් පැය කිහිපයකට පසුව තාවකාලිකව අත්හිටුවා තිබූ න්‍යෂ්ඨිකකරණය වැළැක්වීම පිළිබඳ ඇමරිකා එක්සත් ජනපද සාකච්ඡා තවදුරටත් සිදුකිරීමට කැමති බවට හැඟවෙන ඉඟි සිදුකළ බවට දකුණු කොරියානු බලධාරීහු ප්‍රකාශ කර සිටිති. 

මෙම සුවිසල් බහුවිධ මිසයිල දියත් කිරිමේ පරීක්ෂණය මීට පෙරද නායක කිම් ජොන් උන් විසින් සිදුකළ අතර, මෙවර සිදුකළ අධීක්ෂණය තුළ එය පැහැදිලිවම යුධමය වාතාවරණයක් හමුවේ දියත් කිරීමට සුදුසු බවට තත්ත්ව පරීක්ෂාවේදී තහවුරු කර ගත් බවට එරට රාජ්‍ය මාධ්‍ය KCNA පුවත් සේවය වාර්තා කර සිටියි. 

දැනට ඉතුරුව පවතින්නේ මෙම මිසයිලය “ගිනි පරීක්ෂාවක්” සඳහා යොමුකිරීම බවද එම පුවත් සේවය වාර්තා කළේය.

ගිනි පරීක්ෂාවක් යනුවෙන් හඳුන්වනු ලබන්නේ පුපුරණ ද්‍රව්‍යයක් යම් ඉලක්කයක් කරා යොමු කිරීමේදී එහි අවම කාර්ය සාධන නිර්ණායක සපුරාලන්නේද යන්න පරීක්ෂා කිරීමයි.

උතුරු කොරියාව එරට ආරක්ෂක හා තාක්ෂණික සංවර්ධනය නඟා සිටුවීම ඇතුළු විවිධ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ආයුධ පරීක්ෂාවන් සිදුකරනු ලබයි. කෙසේවෙතත් ඊයේ දින සිදුකළ මෙම අවසන් බහුවිධ මිසයිල අත්හදා බැලීම වොෂිංටනයට වක්‍රාකාරව සිදුකළ අනතුරු ඇඟවීමක් ද විය හැකි බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඇමරිකාව සමඟ යතාර්ථවාදී අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා සාකච්ඡා පැවත්වීමට උතුරු කොරියාවට ඇති අවශ්‍යතාවත්, එසේ සිදුකිරීමට ඇමරිකාව අපොහොසත් වන්නේ නම් සිදුවිය හැක්කේ කුමක්ද යන්නත් එමඟින් ගම්‍ය වන බවට ඔවුහු පෙන්වා දෙති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි