ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවක් ප්‍රකාරව කේරලයේ සබරිමාලා අය්යප්පන් හින්දු කෝවිලට ඇතුළුවීමට සහ එහි ආගමික කටයුතුවල නියැලෙන්නට කාන්තාවන්ට ඉඩ ලැබෙයි. වයස අවුරුදු 10ත් 50ත් අතර වයස් ඛණ්ඩයේ කාන්තාවන් හෙවත් ඔසප්වීම් කාල පරාසය තුළ සිටින කාන්තාවන්ට පළමුව කී හින්දු කෝවිලට ඇතුළුවීම සම්ප්‍රදාය මඟින් තහනම් කර තිබිණ. එම තහනම පනවා තිබුණේ එම වයස් ඛණ්ඩයේ පසුවන කාන්තාවන්ගේ ආර්තව චක්‍රය ක්‍රියාත්මක බැවින් ඔවුන් අපිරිසිදුයැයි කියන මතය පදනම් කරගෙනය. එම තහනම කාන්තාවන්ට එරෙහිව දශක ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක විණ. ඉන්දියාවේ සෙසු හින්දු කෝවිල්වල මෙවැනි තත්ත්වයක් දක්නට නොලැබෙතත් ආර්තව කාලයේදී කාන්තාවන්ට කෝවිල් තුළට පැමිණීම තහනම බැව් දක්වා තිබේ
.
සබරිමාලා අය්යප්පන් කෝවිලේ සාම්ප්‍රදායික නීතිය හේතුවෙන් කාන්තාවන්ටත් පුරුෂයන්ටත් දෙආකාරයකින් සලකනු ලැබෙන්නේයැයි කියා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කෙරිණ. පෙත්සම විභාග කෙරුණේ පංච පුද්ගල විනිශ්චය මණ්ඩලයක් මඟිනි. එම විනිශ්චය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ අග්‍රවිනිශ්චයකාර දීපාක් මිශ්‍රාය. තීන්දුව ලබාදෙමින් ඔහු කියා සිටියේ ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයටම ආගමික වතාවත්වල යෙදෙන්නට හිමිකම ඇත්තේය යනුවෙනි.
Al Jazeera
මේ තීන්දුවට විපක්ෂව කරුණු දැක්වූයේ එම විශ්චය මඬුල්ලේ සිටි එකම කාන්තා නියෝජනය – විනිශ්චයකාර ඉන්දු මල්හෝත්‍රා පමණි. ඈ කියා සිටියේ ආගමික පරිචයන් සම්බන්ධ තීරණ ආගමික ප්‍රජාව ගත යුතු බවයි. එය අධිකරණ තීන්දුවක් නොවිය යුතු බවත් ඈ වැඩිදුරටත් කියා සිටියාය.
සබරිමාලා හින්දු කෝවිලට කාන්තාවන්ට ඇතුළුවීමට අවසරය ලබාදීමට එම කෝවිල් ප්‍රධානියා මෙයට වසර තුනකට පමණ පළමුව කොන්දේසි සහිතව එකඟ වී තිබිණ. ඔහුගේ කොන්දේසිය වූයේ කෝවිලට ඇතුළුවන කාන්තාවන්ට ඔසප් වී ඇත්දැයි කියා සොයා බැලීමට ස්කෑනර් යන්ත්‍රයක් සවි කළයුතුය යන්නයි. පළමුව කී තීන්දුව දෙමින් අග්‍රා විනිශ්චයකාර දිපාක් මිශ්‍රා කෝවිල් ප්‍රධානියාට දන්වා තිබුණේ ස්කෑනර් යන්ත්‍රයක් ගැනීම අපට තවදුරටත් අවශ්‍ය නොවන බවකි.
Outlook India
අග්‍රවිනිශ්චයකාර දීපාක් මිශ්‍රා පසුගිය දින කිහිපයේදී ලබා දුන් නඩු තීන්දු කිහිපයක් ජගත් මට්ටමින් ගැඹුරු කතාබහකට ලක්විය. අනාචාරයේ හැසිරීම සහ සමලිංගික හැසිරීම් අපරාධ වැරදි නොවන බවට ලබාදුන් තීන්දු ඒ අතර වඩාත් කතාබහට ලක්ව ඇත. කෙසේ වුවත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෙවැනි ආන්දෝලනාත්මක තීන්දු අසන්නට යළි කවදා ඉඩ ලැබෙයිද කියන සැකය බොහෝදෙනෙකු තුළ ඇත. එයට හේතුව අග්‍ර විනිශ්චයකාර දීපාක් මිශ්‍රා ලබන අඟහරුවාදා විශ්‍රාම යෑමට නියමිත බැවිනි.
අගවිනිසුරු දීපක් මිශ්‍රා ඊයේ ලබාදුන් නඩු තීන්දුව – අනාචාරය අපරාධයක් නොවේ – කියවන්න..