×

විවේකී ආදරය

සෑම දිනෙක ම ඔහු අපේ ආදරය වෙනුවෙන් යම්කිසි සුළු දෙයක් හෝ කරයි. සම්පූර්ණයෙන් ම මා රැකබලාගන්නා ස්වාමි පුරුෂයෙකු ලැබීම ට තරම් මා වාසනාවන්ත වූයේ කෙසේදැයි මම නිතර සිතමි.


ඔහුගේ බිරිඳ වශයෙන් මා වෙත ඇති ආදරය විදහා දැක්වීම ට ඔහු ගත්
ප්‍රබල ම උත්සාහයන්ගේ තිබුණේ හුදෙක් අසීමාන්තික ලෙස මා ගැන සැලකිලිමත් වන බව බොරුව ට පෙන්වීම නොවේ. ඒවායේ තැවරී තිබුණේ සැබෑ සෙනෙහසයි.

මා හැමවිටෙක ම උතුම් ලෙස සලකන එබඳු එක් සිද්ධියක් 1993 මැයි මස සිදුවූ අයුරු මට කිසිදා අමතක නොවේ.

ජෙෆ් හා මා ඒ වන විට විවාපත් වී ගෙවී ගොස් තිබුණේ වසර එකහමාරක කාලයක් පමණි. අපි අගෝස්තුවේ උපදින්නට නියමිත අපේ පළමු දරුවා බලාපොරොත්තුවෙන් සිටියෙමු. වාසනාවක ට මෙන් ගැබිනි සමයේදී බොහෝ මව්වරුන් බියට පත්වන අන්දමේ දරු ගැබෙහි සංකූලතා මට ඇති වූයේ නැත. නමුත් සම්පූර්ණ ගැබ් කාලය පුරා ම මම වමනය ආදී ගැබිනි සමයේ සංකූලතාවලින් පීඩා වින්දෙමි. ඇත්තෙන් ම මේ අපහසුකාරී තත්වය පැවතුණේ උදෑසන පැය වලදී පමණක් ද නොවේ. නමුත් ඒ හැම විටෙක ම මගේ සැමියා මා අසලින් ම සිටියේය. ඔහු මා වමනය කර අවසන් වන තෙක් ම මගේ පිට නොකඩවා පිරිමදිමින් මට හැකි සහනයක් ලබාදීම ට උත්සාහ කළේය. තවද හැම විටෙක ම ශුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු මුළුමනින් ම කළේය.

ගැබිනි සමයේදී මගේ නිදාගැනීමේ රටාව සපුරා ම වෙනස් විය. මම අවුලෙන් අවුල ට පත්වීමි. මට බොහෝ විට සිතී තිබුණේ නැවත කිසිදාක සාමාන්‍ය ආකාරයේ සුවබර නින්දක් මට කිසිදා නොලැබෙනු ඇති බවයි. සෑම කුඩා දෙයකින්ම මම පුදුමාකාර ලෙස කෝපය ට පත්වීමි. ඕනෑම ශබ්දයක්, සෙළවීමක්, එළියක්, රස්නයක්, ශීතලක් හෝ ඔබ නම් කරන ඕනෑම දෙයකින් මාගේ කෝපය පුපුරා යා හැකි විය. නමුත් මගේ නින්ද ට බාධා කරන විශාල ම බාධකය බවට පත්ව තිබුණේ කාමරය ඇති තරම් කළුවර නොවීමයි. මට අවශ්‍ය ව තිබුණේ අත්‍යන්ත අන්ධකාරයයි. හෝමෝන විසින් තවදුරටත් මගේ හැසිරීම්වලට විධාන දෙන්නට පටන් ගත්විට මම ඉතාම සුළු ආලෝකයකින් පවා උමතු කෝපයකට ලක්වීමට පටන් ගතිමි. වීදුරුව හා තිර රෙද්ද හරහා පෙරී එන ආලෝක මාත්‍රයෙන් පවා කෝපාග්නියෙන් දැවෙන්නට පටන් ගතිමි. පාරේ අනෙක් පස දැල්වෙන වීදි පහනේ ආලෝකයෙන්, අසල්වැසියාගේ ආරක්ෂක විදුලි පහනෙන් පමණක් නොව, බෑවුම් වන සඳෙන් විහිදෙන මද කිරණයෙන් පවා මම නොරිස්සුම ට පත්වීමි.

” ඔහු මා වැළඳ ගත්තේය. මෘදු හාද්දක් දුන්නේය. මෙසේ කීවේය. “විවේක ගන්න..සූ.. මම ඔයාට ගොඩාක් ආදරෙයි…” “

එදින ජෙෆ් ට වැඩ අධික දිනයක් විය. සාමාන්‍යයෙන් ඔහුගේ රාජකාරිය ආරම්භ වන්නේ අළුයම 4.30 ට පමණ ය. නමුත් නිවස ට පැමිණීම ට පෙර බොහෝ දුරක් මග ගෙවා සාප්පුවකට ගොස් අපට ගැළපෙන ආකාරයේ ජනේල ආවරණයක් මිලදී ගැනීම ට ඔහු කටයුතු කර තිබිණි. ඔහු මිලදී ගෙන තිබුණේ ඔහුට සොයාගත හැකි බරැති ම ජනේල ආවරණයයි. එසේ ම වඩාත් ම ගනකම් ජනේල ආවරණයයි. එයින් අපේ කාමරය ට ඇතුල් වන ආලෝකය සම්පූර්ණයෙන් ම පාහේ-සියයට සියයක් ම කපා දමා ශුන්‍යයක් බවට ප් කරනසුලු එකක් විය. ජනේලය සම්මත ප්‍රමාණයේ ම එකක් නොවූ නිසා එය වෑයමෙන් කපා ප්‍රමාණයට ගැළපෙන සේ සවි කළ යුතු විය. මා රැකියාව ට ගොස් පැමිණීම ට පෙර ඔහු එය සවිකර තිබිණි.

මා නිවස ට පැමිණි විට ඔහු අපේ නිදන කාමරය ට යාබද ව පිහිටා තිබෙන නාන කාමරය වෙත මා කැඳවා ගෙන ගියේය. ජෙෆ් මා වෙනුවෙන් සබන් බුබුළු පිරුණු ස්නානයක් පිළියෙළ කර තිබිණි. මම සන්සුන් සහ ප්‍රීතිමත් ලෙස එහි නිමග්න වීමි. ඉන්පසු ව ජෙෆ් මාව නිදන කාමරය වෙත කැඳවාගෙන ගියේය. කාර්යාලයේ කටයුතුවලින් හෙම්බත් ව සිටි දීර්ඝ දිනයෙන් පසු මා කෙළින් ම සයනය ට ගොස් පැය කිහිපයක් නිදා ගත යුතු යැයි ඔහු මට යෝජනා කර සිටියේය. ඒ අතර කාලයේදී ඔහු රාත්‍රී කෑම පිළියෙළ කර මට ඇහැරවනු ඇත. ඇත්තෙන්ම මේ මොහොත වන විටත් මට දැනෙමින් තිබුණේ සුව පහසුවක් නොවේ. ඒ නිසා මම ඔහුගේ යෝජනාව ට එකඟ වීමි. මදක් කෝපය ටද පත්වීමි. තවම හරිහැටි අඳුර වැටී නොතිබුණු හෙයින් අදත් සුපුරුදු පරිදි සුව නින්දක් ලැබීම ට මට නොහැකි වනු ඇත. ජනෙල් ආවරණය ගැන මා ඒ වන විට දැන සිටියේ නැත.

නිදා ගැනීම ට සැරසෙත් ම ජෙෆ් කීවේ මාව පුදුමය ට පත්කිරීම ට ඔහු නොඉවසිල්ලෙන් බලාසිටිනා බවයි. ඔහු ජනේලය වෙත ඇවිද ගෙන ගියේය. කුමක් කරන්නට යන්නේ දැයි මම ඔහුගෙන් ඇසුවෙමි. ඉවසාගෙන සිටින්නැයි ඔහු මට පිළිතුරු ලෙස කීවේය. ඉන්පසු කෙළින් ම ජනෙල් ආවරණය ඇද පහළ දැමුවේය. අපේ නිදන කාමරය පෙරී ආ සූර්යාලෝකයේ සිට මදින් මද අඳුරු වී ගොස් අවසානයේ අත්‍යන්ත අන්ධකාරයේ ගිලී ගියේය. එය කෑලි වුව කැපිය හැකි ගන අඳුරකි.

ඔහු මා වැළඳ ගත්තේය. මෘදු හාද්දක් දුන්නේය. මෙසේ කීවේය. “විවේක ගන්න..සූ.. මම ඔයාට ගොඩාක් ආදරෙයි…”

මා ලැබුවේ ජීවිතයේ මිහිරිතම නින්දයි.

මා ඒ මිහිරි නින්ද ලැබුවේ කාමරයේ අන්ධකාරය නිසා නොවේ. එය පැමිණියේ මගේ සැමියාගේ මිහිරි ආලය සහ ඔහු මට ලබාදුන් සාමය නිසා ය. අමිල හා ප්‍රත්‍යක්ෂ ජනේල කවුළු ආවරණය ලෙසින් සාක්ෂි දුන්නේ මා කෙරෙහි ඔහු තුළ වූ අපරිමිත සෙනෙහස හා කරුණාවයි. අද දිනය දක්වා ම මගේ නිදන කාමරයේ කවුළුව වැසී තිබෙන්නේ එයිනි.

-සූසන් මිලර්ගේ අත්දැකීමකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි