×

ඉන්දීය ජනතාවගේ ආදරය දිනූ සුෂ්මා ස්වරාජ් ජීවිතයෙන් සමුගනී

අති සාම්ප්‍රදායික මෙන්ම කාන්තාව පොදු කටයුතු වලින් දුරස්ථව තැබූ ප්‍රාන්තයක් වන හරියානාවෙන් බිහිවූ ලාබාලතම ජනතා නායිකාව ඇයයි.



හිටපු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරිය සුෂ්මා ස්වරාජ ඊයේ රාත්‍රියේ ඇයට වැළදුණු හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මියගියාය. වසර පහක් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරිය ලෙස සේවය කළ ඈ ඉන්දියාව තුළ මෙන්ම ජාත්‍යන්තරවද විවිධ අවස්ථා වලදී කථා බහට ලක් වූ චරිතයකි. 


මිය යන විට 67 හැවිරිදි වූ ඇය ගේ හදිසි වියෝව පිළිබදව සිය ශෝකය ප්‍රකාශ කළ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසා තිබුණේ 
” ඉන්දීය ඉතිහාසයේ ඉසුරුමත් පරිච්චේදයක් ඈත් සමග අවසන් වූ බවයි”

විශේෂයෙන්ම දිළිදු ජනතාවගේ යහපත උදෙසා මෙන්ම මහජනතාවට උපරිමව සේවය කිරීම සදහාද ඈ තුළ වූ කැපවීම සුපුරුදු සාමාන්‍ය දේශපාලකයන් අභිබවා ගිය එකකි. 

ඇගේ වියෝව පිළිබදව ප්‍රකාශක් නිකුක් කරමින් ඉන්දීය ජනපති රාම්නාත් කෝවින්ද් පවසා සිටියේ ” ඇය සිය ජීවිතය තුළ අවංක බවත් ගෞරවයත් කැපවීමත් එක් වර ප්‍රගුණ කළ ආදරණීය නායිකාවක් බවයි.

රාහුල් ගාන්ධි ඇය ගැන සටහනක් තබමින් පැවසුවේ සෑම මෙහොතකම ජනතාව වෙනුවෙන් කැප වී සිටි ඈ ඉන්දියානු ජනතාවට කළ සේවය සදා අනුස්මරණීය බවයි.

තමන්ට ඉතා සමීප වූ නායකාවක මෙසේ හදිසියේ වියෝ වීම පිළිබදව මුළු මහත් ඉන්දියාවම මේ වන විට කම්පා වී සිටී . සිය ගණනක් ජනයා ඇගේ නිවස ඉදිරියේ ඇයට අවසන් ගෞරව දැක්වීම සදහා රොක් වෙමින් සිටිති. 

පසුගියදා ඉන්දීය පාර්ලිමේන්තුව විසින් කාශ්මීරයට විශේෂ බලතල ලබා දී තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වගන්තිය අවලංගු කිරීම පිළිබදව  ඇගේ අවධානය දැඩි සේ යොමු වී තිබූ බව ඇගේ ඥාතීන් විසින් බී බී සී සේවයට පවසා ඇත.


ඉන්දීය දේශපාලන ඉතිහාසය තුළ කැපී පෙනෙන මෙන්ම ඉන්දියාව ජාත්‍යන්තරය තුළ කැපී පෙනෙන රටක් කිරීමෙහි ලා කැප වූ නායිකාවක වූ සුෂ්මා ඉන්දීය භාරතීය ජනතා පක්ෂය නියෝජනය කළාය. තෙවතාවක් ඉන්දය පාර්ලිමේන්තුවේ සාමාජිකාවක ලෙස තේරී පත් වූ ඇය ඉන්දියාවේ හරියානා ප්‍රාන්තයෙන් බිහි වූ ලාබාලතම දේශපාලන නායිකාව විය. ඒ ඇයට අවුරුදු 25 දීය. ඇමරිකානු දිනපතා පුවත් පතක් වන Wall Street Journal ඇයව හදුන්වා ඇත්තේ ඉන්දියානුවන්ගේ ප්‍රශස්තම ආදරය දිනාගත් නායිකාව ලෙසයි. සිය සෞඛ්‍ය තත්ත්වය නිසාම 2019 මැතිවරණය සදහා සහභාගී නොවූ සුෂ්මා ගේ අවසන් කටයුතු ඉන්දීය රජයේ විෂේෂ අනුග්‍රහය ඇතිය අද පැවැත්වීමට නියමිතය.  



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි