×

දකුණු අප්‍රිකාවේ ගෑස් කාන්දුවීමක් හේතුවෙන් 16 දෙනෙකු මරුට

මේ වන විටත් සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ කණ්ඩායම් ක්‍රියාත්මක වෙමින් පවතින අතර මරණ සංඛ්‍යාව තවදුරටත් වැඩිවනු ඇති බවට විශ්වාස කෙරේ.


දකුණු අප්‍රිකාවේ බොක්ස්බර්ග්හි ජනාකීර්ණ ඇන්ජලෝ පැල්පත් නගරයේ ගෑස් කාන්දු වීමක් හේතුවෙන් කාන්තාවන් හා දරුවන්ද ඇතුළුව 16 දෙනෙකු මියගොස් ඇති බව ප්‍රාදේශීය බලධාරීන් විසින් වාර්තා කර තිබේ.

නීති විරෝධී රන් කැණීමක් වෙනුවෙන් යොදාගනු ලැබූ නයිට්රේට් ඔක්සයිඩ් වායුව මෙම මරණවලට හේතු වී ඇති බව හදිසි සේවා නිලධාරීන් සඳහන් කර තිබේ.

මේ වන විටත් සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ කණ්ඩායම් ක්‍රියාත්මක වෙමින් පවතින අතර මරණ සංඛ්‍යාව තවදුරටත් වැඩිවනු ඇති බවට විශ්වාස කෙරේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි