×

යුක්රේන ගුවන් යානා අනතුරට සම්බන්ධ පුද්ගලයින් සැකපිට අත්අඩංගුවට!

ඉරාන අධිකරණ මාධ්‍ය ප්‍රකාශක ඝොලම්හොසෙයින් එස්මයිලි අද (14) දින නිවේදනයක් නිකුත් කරමින් මේ බව සනාථ කර සිටියේය.


ඉරානයේ ටෙහ්රාන් අගනුවර ගුවන්තොටුපළක සිදුවූ යුක්රේන ගුවන් යානා අනතුරට සැකපිට පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.

ඉරාන අධිකරණය පවසන්නේ යුක්රේන ගුවන් යානය අනතුරට පත්වීමේ සිදුවීමට විවිධ අන්දමින් සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවයි.

ඉරාන අධිකරණ මාධ්‍ය ප්‍රකාශක ඝොලම්හොසෙයින් එස්මයිලි අද (14) දින නිවේදනයක් නිකුත් කරමින් මේ බව සනාථ කර සිටියේය.

කෙසේ වෙතත් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ නැත.

මීට ඉහත දී යුක්රේන ගුවන් යානය අනතුරට පත්වීම සම්බන්ධ වගකීම ඉරාන රජය විසින් ගෙන තිබූ අතර, එය බරපතල අත්වැරැද්දක් බවට පිළිගෙන තිබිණි.

මේ අතර, සිදුවීමට විරෝධය පාමින් උද්ඝෝෂණයේ නිරත වූ පිරිස් ගෙන් තිස් දෙනෙකු පමණ අත්අඩංගුවට ගැනීමට අධිකරණය කටයුතු කොට තිබේ.

එස්මයිලි ප්‍රකාශ කර සිටියේ මෙම පුද්ගලයින් නීතිවිරෝධී රැස්වීම් පවත්වමින් නොසන්සුන් කාරී ලෙස හැසිරීම මත අත්අඩංගුවට ගන්නා ලද බවයි.

නීත්‍යානුකූල රාමුවක් තුළ පවත්වන උද්ඝෝෂණ මර්දනය පෑමට රජයට අවශ්‍යතාවක් නොමැති බවද හෙතෙම සඳහන් කළේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි