×

ස්විට්සර්ලන්තය එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත සහන වැඩපිළිවෙලට ආධාර සැපයීම අත්හිටුවයි!

UNRWA සහන වැඩපිළිවෙලට ආධාර ලබාදීම ස්විට්සර්ලන්තය අත්හිටුවා ඇති බවට වාර්තා වේ.


පලස්තීන සරණාගතයින් හට සහන ලබා දීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඇතිකළ සහන වැඩපිළිවෙල (United Nations Relief and Works Agency for Palestinian Refugees: UNRWA) හට ආධාර ලබාදීම ස්විට්සර්ලන්තය අත්හිටුවා ඇති බවට වාර්තා වේ.

ස්විට්සර්ලන්තය මෙලෙස ආධාර ලබා දීම අත්හිටුවා තිබෙන්නේ එම සහන වැඩපිළිවෙල තුළ ඉහල නිලධාරීන් සිදුකර ඇතැයි චෝදනා නැඟෙන අක්‍රමිකතා වලට ප්‍රතිචාරයක් වශයෙනි.

ස්විට්සර්ලන්ත විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය අඟහරුවාදා (30) දින නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ UNRWA සහන වැඩපිළිවෙල තුළ සිදුව ඇති අක්‍රමිකතා වලට එරෙහි ස්වාධීන විනය ක්‍රියාමාර්ගයක් ගෙන තත්ත්වය විසඳන තුරු තම ගෙවීම් අත්හිටුවන බවයි.

ස්විට්සර්ලන්තය 2019 වර්ෂය සඳහා පමණක් මේ වන විට පලස්තීන සරණාගතයින් සඳහා වෙන්වූ මෙම UNRWA සහන වැඩපිළිවෙල වෙත ඇමරිකානු ඩොලර් මිලියන 22.5ක මුදලක් පරිත්‍යාග කොට ඇති අතර, මෙම අත්හිටුවීම 2020 වර්ෂයට අදාල ගෙවීම් දක්වා ක්‍රියාත්මක වනු ඇති බවට සඳහන් වෙයි.

මෙම පුවත මාධ්‍ය වෙත නිරාවරණය වීම ඇරඹෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය 2018 වර්ෂයේදී UNRWA සහන වැඩපිළිවෙලට ඩොලර් මිලියන 360 ක අධාර කපා හැරීමත් සමඟ එක්සත් ජාතීන්ගේ සංවිධානය තම ඩොලර් බිලියන 1.2 ක අයවැය පවත්වා ගැනීමේ අර්බුදයකට මුහුණ පෑමත් සමඟ ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි