×

සිඩ්නි නුවර දුමාරයෙන් වැසෙයි.

සමාජ මාධ්‍යවල සිඩ්නි ප්‍රදේශවාසීන් විස්තර කර ඇත්තේ මීදුමෙන් බරවූ අහසක් දක්නට ලැබෙන බවත් ඔවුන්ගේ නිවෙස්වල දුම් වලින් පිරී ඇති බවත්‍ ය.


සිඩ්නි නුවර ජනයා පසුගිය අඟහරුවාදා දින නින්දෙන් පසු අවදි වූයේ දුමාරයෙන් වැසී ගිය නගරයකය. එක රැයකින් තද සුළං නිසා රට තුළ ඇති වූ ගින්නෙන් ඇති වූ දුමාරයෙන් ඕස්ට්‍රේලියාවේ විශාලතම නගරය වන සිඩ්නි හී වාතයේ ගුණාත්මකභාවය “අවදානම් සහගත” තතවය දක්වා ඉහළ ගොස් ඇත.

සමාජ මාධ්‍යවල ප්‍රදේශවාසීන් විස්තර කර ඇත්තේ මීදුමෙන් බරවූ අහසක් දක්නට ලැබෙන බවත් ඔවුන්ගේ නිවෙස්වල දුම් වලින් පිරී ඇති බවත්‍ ය.

පසුගියදා පඳුර්‍රු(bush fire) ආශ්‍රිතව ඇතිවූ ගින්නෙන් සති ගණනාවක් තිස්සේ පීඩාවට පත්වූ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අගනුවර මිලියන පහක් පමණ ජීවත් වෙති.

නගරයේ බටහිර දෙසින් උෂ්ණත්වය 37C (98.6F) දක්වා ඉහළ යාම නිසා සිඩ්නි වැසියන්ට දඅඟහරුවාදා දරුණු ගිනි අනතුරු ගැන අනතුරු අඟවා තිබුණි. නගරයේ සමහර කොටස් ජාතික මිණුම් දණ්ඩට වඩා අට ගුණයකින් ඉහළ මට්ටමක වායු ගුණාත්මකභාවය වාර්තා කළේය.

සෞඛ්‍ය බලධාරීන් මිනිසුන්ට උපදෙස් දී ඇත්තේ හැකිතාක් ගෘහස්ථව රැඳී සිටින ලෙසයි. ඔවුන් තව දුරටත් අවධාරණය කර සිටියේ නිව් සවුත් වේල්ස් ගිලන්රථ සේවාව ශ්වසන ආබාධ සහිත අය කෙරෙහි අමතර සැලකිල්ලක් දැක්විය යුතු බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි