×

සිරියාවේ ගුවන් ප්‍රහාරයකින් සිව්දෙනෙකු මරුට! 21 දෙනෙකුට තුවාල!!

සිරියාවේ දමාස්කස් සහ හොම්ස් නගර වලට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් සිව් දෙනෙකු මිය ගොස් 21 දෙනෙකු තුවාල ලබා ඇති බවට වාර්තා වේ.


සිරියාවේ දමාස්කස් සහ හොම්ස් නගර වලට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් සිව් දෙනෙකු මිය ගොස් 21 දෙනෙකු තුවාල ලබා ඇති බවට වාර්තා වේ. 

මෙම ප්‍රහාරය ඊශ්‍රාල ගුවන් හමුදාව විසින් එල්ල කරන ලද බවට චෝදනා ගොඩනැඟෙමින් තිබේ. 

මිය ගිය පුද්ගලයින් අතර ළදරුවකු ද සිටි බවට වාර්තා වේ.

සඳුදා දින (01) “සානා” ප්‍රවෘත්ති නාලිකාව වාර්තා කර සිටියේ, මධ්‍යම රාත්‍රී කාලවලදී ලෙබනන් ගුවන් කලාපයේ සිට ඊශ්‍රායල යුධ ගුවන් යානා විසින් දියත් කරන ලද සතුරු මිසයිල වලට සිරියානු හමුදා ගුවන් ආරක්ෂක භටයින් මුහුණ දී ඇති බවයි. මෙම සතුරු මිසයිල ඉලක්ක වන්නේ සිරියාවේ හොම්ස් හා දමස්කස් නගර වල පවතින හමුදා කඳවුරු ඉලක්ක කරගෙන බවට එම ප්‍රවෘත්ති නාලිකාව වැඩිදුරටත් වාර්තා කළේය.

දමස්කස් නගරයේ මධ්‍යම රාත්‍රී කාලයේ මිසයිල ප්‍රහාර එල්ල වන අයුරු ඡායාරූප ගතවූ අවස්ථාවක්

මෙම ගුවන් ප්‍රහාරය මඟින් ප්‍රදේශ වල දේපල බොහොමයක් විනාශ වී ඇත. 
සිරියන් ඔබ්සවේටොරි ෆෝර් හියුමන් රයිට්ස් (Syrian Observatory for Human Rights: SOHR) සංවිධානය පවසා සිටින්නේ, හොම්ස් ප්‍රදේශයට එල්ල වූ ගුවන් ප්‍රහාරයෙන් ඉරානය සම්බන්ධිත කඳවුරු වල විසූ හිස්බුල්ලා සටන්කරුවන් කිහිප දෙනෙකු මිය ගිය බවත්, දමස්කස් වෙත එල්ල වූ ප්‍රහාරයේදී අවම වශයෙන් ස්ථාන 10ක් වත් ඉලක්ක වන්නට ඇති බවත් ය. 

මෙම ඉලක්ක අතර, ජම්රායා විද්‍යාත්මක පර්යේෂණ ආයතනය, සිරියානු-ලෙබනන දේශ සීමාවේ පැවති හිස්බුල්ලා අවි ගබඩාවන්, හොම්ස් නගරයේ පැවති තවත් පර්යේෂණ ආයතනයක්, හා හොම්ස් නගරයට දකුණින් වන්නට පිහිටි ඉරානය හා හිස්බුල්ලා විසින් භාවිතා කළ ගුවන්හමුදා මූලස්ථානයක් පවතින බව එම සංවිධානය වැඩිදුරටත් පවසයි. 

ජම්රායා විද්‍යාත්මක පර්යේෂණ මධ්‍යස්ථානය 1980 දශකයේ දී ආරම්භ කරන ලද රටේ ආයුධ නිපදවා ගබඩා කර ඇති වැදගත්ම පර්යේෂණ මධ්‍යස්ථානයක් බව කියවේ. ඒ අවට ඉරාන කඳවුරක්ද ස්ථාපනය කර ඇති අතර, ගොඩනැගිලි කිහිපයක් ම පවතින එම කලාපයේ සොල්දාදුවන් හා හමුදා වාහන පැවති බවට අනුමාන කෙරේ. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි