×

චීනයේ තර්ජන මධ්‍යයේ තායිවානය සිය පළමු සබ්මැරීනය එළිදක්වයි

මේ වන විට තායිවානය නව ආරක්ෂණ ප්‍රතිපත්තියක් අවධාරණය කර ඇති අතර, එහි සන්නද්ධ හමුදාවන් නවීකරණය කිරීමට සහ දිවයින සිය දේශීය ආයුධ සංවර්ධනය වේගවත් කිරීම අරමුණු කරගෙන ඇත.


චීනයේ තර්ජන මද්‍යයේ තායිවානය විසින් දේශීයව සාදන ලද මුල්ම සබ්මැරීනය ඊයේ (27 )දිනයේදී උත්සවශ්‍රීයෙන් එළිදක්වා තිබේ.

තායිවානයේ වොෂින්ටනයේ තානාපති, තායිපේ හි ජපන් සහ දකුණු කොරියානු දූත මණ්ඩල නියෝජිතයින් ද සහභාගී වූඋත්සවයකදී තායිවානයේ ජනාධිපති Tsai Ing-wen විසින් දකුණු Kaohsiung නගරයේ සබ්මැරීන නැව් තටාකයේ එළිදක්වන ලද මෙම සබ්මැරීනය “මුහුදු රකුසා” ලෙස නම් කර ඇත.

2016 දී බලයට පත්වීමෙන් ටික කලකට පසු ජනාධිපති Tsai Ing-wen විසින් පළමු දේශීය සබ්මැරීනය තැනීම සඳහා ප්‍රමුඛ ආරක්ෂක ප්‍රතිපත්තියක් දියත් කළ අතර මේ සම්බන්ධයෙන් ඇය ප්‍රකාශ කර තිබුණේ, අතීතයේ බොහෝදෙනා දේශීය සබ්මැරීනයක් සෑදීම කළ නොහැකි කාර්යයක් ලෙස සැලකියමුත්, මේ වන විට එය සිදුකර ඇති බවත්, යුධ උපාය මාර්ග සංවර්ධනය කිරීමේදී අපගේ නාවික හමුදාවන්ට එය වැදගත් උපකරණයක් වන බවත්ය.

මේ වන විට තායිවානය නව ආරක්ෂණ ප්‍රතිපත්තියක් අවධාරණය කර ඇති අතර, එහි සන්නද්ධ හමුදාවන් නවීකරණය කිරීමට සහ දිවයින සිය දේශීය ආයුධ සංවර්ධනය වේගවත් කිරීම අරමුණු කරගෙන ඇත.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි