×

ටජ්මහල නරඹන්නන් වෙනුවෙන් යළි විවෘත කිරීමට සූදානම්!

කෙසේවෙතත් ටජ්මහල නැරඹීම සඳහා දිනකට පැමිණිය හැකි නරඹන්නන් සංඛ්‍යාව 5000කට සීමා කර ඇති අතර මුඛ ආවරණ පැළඳීම, පුද්ගල දුරස්ථභාවය පවත්වාගෙන යාම ඇතුළු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනිවාර්යය කර තිබේ.


 

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මාස තුනක පමණ කාලයක් ටජ්මහල ඇතුළු ඉන්දියාවේ සංචාරක ආකර්ෂණයට ලක් වූ ස්ථාන  වසා දැමීමට එරට රජය පියවර ගෙන තිබුණි.

ඉන්දියාවේ පිහිටි ලෝක පුදුම 7න් එකන්ක් වන – ලෝක ප්‍රකට ටජ්මහල නරඹන්නන් සඳහා යළි විවෘත කිරීමට ඉන්දීය බලධාරීන් තීරණය කර තිබේ.

වෛරස් ව්‍යාප්තියේ අවදානමතවදුරටත් වර්ධනය වෙමින් පැවතියද ටජ්මහල ඇතුළු නැරඹුම් ස්ථාන හෙට (05) දිනයේ සිට විවෘත කිරීමට ඉන්දීය බලධාරීන් තීරණයකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේවෙතත් ටජ්මහල නැරඹීම සඳහා දිනකට පැමිණිය හැකි නරඹන්නන් සංඛ්‍යාව 5000කට සීමා කර ඇති අතර මුඛ ආවරණ පැළඳීම, පුද්ගල දුරස්ථභාවය පවත්වාගෙන යාම ඇතුළු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනිවාර්යය කර තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි