×

තමිල්නාඩුවේ බස් අනතුරක් ! 9 ක් මරුට

සටහන – රෂිකා හෙන්නායකකොළඹ (LNW): බස් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින්, තමිල්නාඩුවේ කූනූර් ප්‍රදේශයේ දී පුද්ගලයන් 09 දෙනෙකු මියගොස් පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුරට ලක්ව ඇත්තේ, සංචාරකයින් රැගත් බස් රථයක් වන අතර, අනතුර සිදුවන අවස්ථාවේ එහි මගීන් 55දෙනෙකු පමණ සිට ඇති බවත්, කූනූර් ප්‍රදේශයේ වංගුවකින් බස් […]


සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): බස් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින්, තමිල්නාඩුවේ කූනූර් ප්‍රදේශයේ දී පුද්ගලයන් 09 දෙනෙකු මියගොස් පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුරට ලක්ව ඇත්තේ, සංචාරකයින් රැගත් බස් රථයක් වන අතර, අනතුර සිදුවන අවස්ථාවේ එහි මගීන් 55දෙනෙකු පමණ සිට ඇති බවත්, කූනූර් ප්‍රදේශයේ වංගුවකින් බස් රථය හැරවීමේ දී රියදුරුට බස්රථය පාලනය කරගත නොහැකිව පෙරළී ගොස් ළිඳකට වැටී ඇති බවත් විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි