කුණාටු සහිත කාලගුණය තුළ ගොඩබෑමට උත්සාහ කිරීමේදී( Precision Air) PW 494 ගුවන් යානය වික්ටෝරියා විලට කඩා වැටීමෙන් අවම වශයෙන් 19 දෙනෙකු මිය ගොස් තිබේ. අනතුරින් ජීවිත බේරාගනු ලැබූ සංඛ්‍යාව 26 දෙනෙකි. ප්‍රාදේශීය කොමසාරිස් ඇල්බට් චලමිල පැවසුවේ මගීන් 39 දෙනෙකු, නියමුවන් දෙදෙනෙකු සහ කැබින් කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු ඇතුළු 43 දෙනෙකු යානයේ සිටි බවයි.
Precision Air ගුවන් සේවය ටැන්සානියාවේ සේවය කරන කලාපීය ගුවන් සමාගමක් වන අතර, මෙතෙක් කිසිදු අනතුරක් සිදුවී නොමැති බව බුකෝබාහි පොලිස් අණදෙන නිලධාරි මාධ්‍ය වෙත වාර්තා කර තිබේ. Precision Air ගුවන් සේවය අනතුර සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුනේ තාක්ෂණික කාර්ය මණ්ඩලය සහ TAA (ටැන්සානියා ගුවන් තොටුපළ අධිකාරිය) ගෙන් සමන්විත විමර්ශන කණ්ඩායමක් ද, ගොඩබිමේ සිටින ගලවා ගැනීමේ කණ්ඩායමට එක්වීමට පිටත්ව ගොස් ඇති බවයි.
ටැන්සානියානු ජනාධිපති සමියා සුලුහු හසන් Precision Air ගුවන් යානය අනතුර කණගාටුදායක පුවතක් බවත්, ගලවා ගැනීමේ මෙහෙයුමේදී සන්සුන් වන ලෙසත්, ට්විට්හි සඳහන් කර තිබිණි.
සශිකලා මධුෂාණී_