×

Evermore: ඇහුවාද ටේලර් ස්විෆ්ට් ගේ අලුත්ම ගීත ඇල්බමය?

එවර්මෝ ඇල්බමයේ ප්‍රධාන ගීතය වන "විලෝ" (Willow) බිල්බෝඩ් දර්ශකයේ අංක එකට පැමිණි ටේලර් ගේ හත් වන ගීතයයි.


ඇමරිකානු ගායිකා ටේලර් ස්විෆ්ට් සිය නව වන ගීත ඇල්බමය පසුගිය දෙසැම්බර් 11 වන දින එළි දැක්වූවා. එය නමින් එවර්මෝ (Evermore).

පවතින විශේෂත්වය නම් ඇගේ පෙර ගීත ඇල්බමය ෆෝක්ලෝර් (Folklore) නිකුත් කර මාස පහක් ගතවන්නටත් පෙර මෙම ඇල්බමය නිකුත් කර තිබීමයි.

එකම වසර තුළ අලුත්ම ගීත ඇල්බම එකකට වඩා නිකුත් කිරීම බිල්බෝඩ් සංගීත ලොව තුළ කලාතුරකින් සිදුවන දෙයකි.

ටේලර් ගේ එවර්මෝ ඇල්බමයේ ගීත 15ක් සමන්විත වන අතර, එකම සතිය තුළ එම ගීත 15 ම බිල්බෝඩ් ගීත දර්ශකය (Billboard Hot 100) වෙත එකතු වී තිබීම ද විශේෂත්වයකි.

එමෙන්ම එවර්මෝ ඇල්බමය තුළින් පළමු වරට නොකඩවා අංක එකේ සංගීත ඇල්බම 8ක් ගීත දර්ශක වෙත එකතු කිරීමට සමත් වූ කාන්තාව වශයෙන් ද ටේලර් ඇමරිකානු සංගීත ඉතිහාසයට එකතු වනවා.

එවර්මෝ ඇල්බමයේ ප්‍රධාන ගීතය වන “විලෝ” (Willow) බිල්බෝඩ් දර්ශකයේ අංක එකට පැමිණි ටේලර් ගේ හත් වන ගීතයයි.

2006 වසරේ කන්ට්‍රි ගීත ගායිකාවක වශයෙන් කරලියට පැමිණි ටේලර් කන්ට්‍රි ගීත සන්නාමයෙන් ඔබ්බට විවිධ මාදිලි (genre) වල ගීත නිකුත් කරනු ලැබුවේ ලොව මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ යි.

ඇගේ නවතම ගීත ඇල්බමය එවර්මෝ ෆෝල්ක් පොප්, ඕල්ටර්නේටිව් රොක්, චෙම්බර් රොක් ආදී මාදිලි වලට අයත් වනවා.

ටේලර් ගේ පෙර ඇල්බමය වූ ෆෝක්ලෝර් තේමා කර ගනු ලැබුවේ ඇමරිකානු ජනප්‍රවාදයේ සශ්‍රීකබව, සෞන්දර්යය හා මිත්‍යා විශ්වාසයි.

එහෙත් එවර්මෝ ඇල්බමය ඉන් අඩියක් ඉදිරියට තබා ඇමරිකානු ජනප්‍රවාදය නූතන තරුණ පරපුර වෙතට සම්ප්‍රාප්ත කිරීමට සමත් වනවා.

එවර්මෝ ඇල්බමය නිකුත් කර පළමු සතිය තුළදී ගෝලීය වශයෙන් පිටපත් මිලියනයකට අධික සංඛ්‍යාවක් විකිණී තිබූ බවට එම ඇල්බමයේ රෙකෝඩ් ලේබල් සමාගම වන රිපබ්ලික් පවසනවා.

එවර්මෝ ඇල්මයේ ගීත 15 ට අමතරව අතිරේක ගීත දෙකක් සහිත ඩිලක්ස් පිටපත (Deluxe Edition) ද සංයුක්ත තැටියක් සේ මිළදී ගැනීමේ හැකියාව පවතිනවා.

සියළු ගීත පද රචනය කර ඇත්තේ ටේලර් විසිනි. අතිරේක පද රචකයන් ගේ දායකත්වය ද ලැබී තිබේ.

එවර්මෝ ඇල්බමයේ ගීත ලැයිස්තුව පහතින්:

1. “Willow”
2. “Champagne Problems”
3. “Gold Rush”
4. “‘Tis the Damn Season”
5. “Tolerate It”
6. “No Body, No Crime” (featuring Haim)
7. “Happiness”
8. “Dorothea”
9. “Coney Island” (featuring the National)
10. “Ivy”
11. “Cowboy like Me”
12. “Long Story Short”
13. “Marjorie”
14. “Closure”
15. “Evermore” (featuring Bon Iver)

ඩිලක්ස් පිටපතේ අඩංගු අතිරේක ගීත:

16. “Right Where You Left Me”
17. “It’s Time to Go”



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි