×

ඉස්ලාමිය පිළිවෙත් අනුගමනය නොකළැයි ටෙහෙරානයේ බොජුන්හල් 547ක් වසයි

එල්ල වූ චෝදනා වූයේ සමාජ මාධ්‍ය තුළ ඉස්ලාමීය ප්‍රතිපත්ති වලට හානි වන දැන්වීම් පල කිරීම, භෝජනාගාර තුළ නීති විරෝධී සංගීතය වාදනය කිරීම සහ ආගම් විරෝධී ලෙස සල්ලාලකම් සිදු වීමට ඉඩ ලබා දීම ආදී ක්‍රියාවන්ය.


ඉරානයේ පොලීසිය විසින් එරට අගනුවර වන ටෙහෙරානයේ බොජුන් හල් 547ක් වසා දැමීමට නියෝග කර ඇත. ඒ එම බොජුන් හල් තුල ඉස්ලාමීය ප්‍රතිපත්ති අනුගමනය නොකිරීම හේතුවෙනි.

පසු ගිය 10 වන දින සිදු කරන ලද මෙම මෙහෙයුමේදී 11 දෙනෙකු අත් අඩංගුවට ගනු ලැබීය. මෙම වසා දැමුණ භෝජනා ගාර තුළ ඉස්ලාමීය පිළිවෙත් කඩ වී ඇති බවට එල්ල වූ චෝදනා වූයේ සමාජ මාධ්‍ය තුළ ඉස්ලාමීය ප්‍රතිපත්ති වලට හානි වන දැන්වීම් පල කිරීම, භෝජනාගාර තුළ නීති විරෝධී සංගීතය වාදනය කිරීම සහ ආගම් විරෝධී ලෙස සල්ලාලකම් සිදු වීමට ඉඩ ලබා දීම ආදී ක්‍රියාවන්ය.

එරට ආයතන සහ සමාජය තුළ ඉස්ලාමමීය පිළිවෙත් ක්‍රියාත්මක වන බවට තහවුරු කිරීම එරට පොලීසියේ ප්‍රධාන කාර්යක් බව පොලිස් ප්‍රධානියා පවසයි.

භෝජනා ගාර තුළ පවතින දුරචාර ක්‍රියා සම්බන්ධව ජනතාව රජය වෙත දන්වා සිටින බව එරට සංස්කෘතික අපරාධ සහ සමාජ සදාචාර දූෂණ කටයුතු සම්බන්ධව ක්‍රියාත්මක ටෙහෙරානයේ බලධාරීන් පවසයි.

එරට කාන්තාවන් බෙහෝ නිවසින් එළියට විත් තම ආගමික ඇදුම වන හිජාබය ගලවා භෝජනාගාර තුළට ඇත්ල් වන බවත් එවැනි අවස්ථා වෙතෝත් ඒ බව පොලීස්යට දන්වන ලෙසත් ටෙහෙරානයේ පොලීසිය විසින් ජනතා දැනුවත් කර ඇත.

ඉස්ලාමීය කාන්තාවන් සහ පිරිමින් සදහා ඉරානයේ දී හද පැළදිය යුතු ආකාරය පිළබද නීති පවතී. එමෙන්ම කාන්තාවන්ට මධ්‍යසාර භාවාතය තහනම් අතර ඔවුන්ට සිය මුහුණ පමණක් අනාවරණය කළ හැකි වෙයි. ඔවුන්ය වෛවර්ණ ඇදුම්ද තහනම් වේ. ටෙහෙරාන පොලීස්ය පවසන්නේ වසා දැමුණු භෝජනා ගාර තුළ මෙම නීතිද කඩ වී ඇති බවයි.

2012 වසරේදී ඉරාන රජය විසින් සියළු භෝජනාගාර තුළ ආරක්ෂිත කැමරා පද්ධති සවි කරන ලෙස නියම කෙරිණි. ඒ පාරිභෝගිකයන්ගේ හැසිරීම අධීක්ෂණය කිරීමේ අරමුණිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි