×

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම් හේතුවෙන් නගර 100ක පුද්ගලයන් 3,300ක් පමණ අවතැන් ව සිටී


සටහන – රෂිකා හෙන්නායක

මැයි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):දකුණු බ්‍රසීලයට මේ දිනවල අධික වර්ෂාවක් ඇදහැලෙමින් පවතින අතර, මෙම අධික වර්ෂාව හේතුවෙන් දස දෙනෙකු මිය ගොස් 21 දෙනෙකු අතුරුදන්ව සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම් හේතුවෙන් නගර 100ක පුද්ගලයන් 3,300ක් පමණ අවතැන් ව සිටින බවද එරට මාධ්‍ය වර්තා කරයි.

ඔවුන් ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන යාමටයි පියවර ගෙන ඇති බවද පැවසේ.මෙම ගංවතුර හා නායයාම් හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර  20,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව තවදුරටත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි