×

තුර්කියේ අගනුවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්!

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): තුර්කියේ අගනුවර වන අන්කාරා හි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසයි. ඔවුන්ගේ තුවාල ජීවිතයට තර්ජනයක් නොවන බවත් ,අමාත්‍ය අලි යෙර්ලිකායා සමාජ මාධ්‍යවල සටහනක් තබමින් පවසන්නේ පිපිරීමට ප්‍රහාරකයන් දෙදෙනෙකු වගකිව යුතු බවයි. ප්‍රහාරකයින් දෙදෙනාම මියගොස් ඇති […]


සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): තුර්කියේ අගනුවර වන අන්කාරා හි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසයි.

ඔවුන්ගේ තුවාල ජීවිතයට තර්ජනයක් නොවන බවත් ,අමාත්‍ය අලි යෙර්ලිකායා සමාජ මාධ්‍යවල සටහනක් තබමින් පවසන්නේ පිපිරීමට ප්‍රහාරකයන් දෙදෙනෙකු වගකිව යුතු බවයි.

ප්‍රහාරකයින් දෙදෙනාම මියගොස් ඇති අතර , එක් අයෙක් සියදිවි නසාගත් අතර අනෙකා මිය ගොස් ඇති බව තුර්කි බලධාරීන් පවසයි.

බෝම්බ ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු, පිපිරීම සිදුවූ ස්ථානයට ආසන්නයේ පිහිටි තුර්කි පාර්ලිමේන්තුව නව ව්‍යවස්ථාදායක සැසියක් ආරම්භ කර ඇත.

ජනාධිපති Recep Tayyip Erdogan බෝම්බ ප්‍රහාරය පිළිබඳ පවසා ඇත්තේ , “මෙවැනි ප්‍රහාර පිටුපස සිටින අය කවදාවත් සාර්ථක නොවනු ඇත” යනුවෙනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි