×

ටෙස්ලා අධිපති එලන් මස්ක් දිනකින් ඉපයූ බිලියන 8 කින් ලොව සිව්වන ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි

බ්ලූම්බර්ග් බිලියනපතියන් ගේ දර්ශකය පෙන්වා දෙන අන්දමට, ටෙස්ලා සමාගමේ කොටස් 11% කින් ඉකුත් සඳුදින ඉහළ ගොස් තිබේ. එමඟින් මස්ක් සතු මුළු වටිනාකම ඇ.ඩො. බිලියන 84.8 දක්වා උත්ක්‍රමණය වී ඇත.


ටෙස්ලා සමාගමේ කොටස් වෙළඳපළ දිනකින් 11% ක උත්පාදනයක් සිදුවීම තුළ ඇමරිකානු ඩොලර් බිලියන 8ක් ඉපයීමට සමත් ව තිබේ.

එමඟින් ටෙස්ලා හිමිකරු එලන් මස්ක් මහතා ලොව සිව්වන ධනවත්ම පුද්ගලයා බවට පත්ව ඇති බවට ඇස්තමේන්තු කර තිබේ.

මස්ක් සතු ධනය තුළින් ලොව පස්වන ස්ථානයේ සිට සිව්වන ස්ථානය දක්වා පැමිණ තිබෙන්නේ ප්‍රංශ ජාතික බිලියනපතියකු වන, ලුයි විටන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බර්නාඩ් ආනොල්ට් පසුකිරීමෙනි.

බ්ලූම්බර්ග් බිලියනපතියන් ගේ දර්ශකය පෙන්වා දෙන අන්දමට, ටෙස්ලා සමාගමේ කොටස් 11% කින් ඉකුත් සඳුදින ඉහළ ගොස් තිබේ. එමඟින් මස්ක් සතු මුළු වටිනාකම ඇ.ඩො. බිලියන 84.8 දක්වා උත්ක්‍රමණය වී ඇත.

ටෙස්ලා හිමිකරු මස්ක් ඉදිරියෙන් සිටින්නේ ඇ.ඩො. බිලියන 99 ක ධනයක් උපයන ෆේස්බුක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි