×

ටෙක්සාස්හි කිරි ගොවිපලක පිපිරීමක් හේතුවෙන් ගවයන් 18,000ක් මරුට

වොෂින්ටන්හි පදනම් සත්ව සුභසාධන ආයතනය විසින් නිවේදනය කර තිබුණේ 2013 සිට වාර්තා වූ විශාලතම ගවගාර ගින්න මෙය බවයි.


ටෙක්සාස්හි සවුත් ෆෝක් ඩේරි නම් කිරි ගොවිපලේ සිදුවූ පිපිරීමක් හේතුවෙන් ගවයන් 18000ක් පමණ මියගොස් ඇති බව වාර්තා වේ.

ගොවිපලේ එක් අයෙකුගේ තත්වය අසාධ්‍ය වන අතර ඔහු රෝහල්ගත කර තිබේ. ගොවිපලේ පැවැත් යන්ත්‍රෝපකරණ වලින් මීතේන් වායුව නිපදවීමක් සමඟ ඇතිවූ ගින්න හේතුවෙන් මෙලෙස ගවයන් මිය යන්නට ඇති බව බලධාරීන් විසින් නිවේදනය කර තිබේ.

වොෂින්ටන්හි පදනම් සත්ව සුභසාධන ආයතනය විසින් නිවේදනය කර තිබුණේ 2013 සිට වාර්තා වූ විශාලතම ගවගාර ගින්න මෙය බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි