×

තායි ගුහා දරුවෝ, මැන්චෙස්ටර් යුනයිටඩ් කළමනාකරු මුණ ගැසෙති.

පසුගිය ජූනිමාසයේ මුළු මහත් ලෝකයම කම්පා කරවූ සහ සියල්ලන්ගේම නෙත් වලට කඳුළක් එක් කරන තරමටම සිනහවක් ගෙනා ප‍්‍රවෘතියක් වූයේ තායිලන්ත යේ ගුහාවක පුරා සති 2 ක කාලයක් සිරවී, නිරාහාරව සිටියද ලෝකයම පුදුමයට පත් කරමින් නිරුපද්‍රිතව නැවතත් බාහිර ලෝකයට ආ ළමා පාපන්දු කණ්ඩායම පිළිබඳ පුවතයි. 


Thai cave boys meet Manchester United manager Jose Mourinho

ඔවුන් ගැන නැවතත් ලෝකය පුරා කථා බහක් ඇති වෙමින් තිබේ. ඒ ඔවුන් සුප‍්‍රසිද්ධ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ කළමනාකරු ජෝසේ මුරිනෝ හමු වීමේ අවස්ථාවයි.

පෘතුගීසි ජාතික පාපන්දු තරුවක්වන ජොසේ මුරින්ගෝ හමුුවීම මෙම දරුවන්ගේ ජීවිතවල කාලයක් තිස්සේ පැවති සිහිනයකි.

එසේම මැන්චෙස්ටර් යුනයිටඩ් පිල ලෝකයේ පළමු පෙළ පාපන්දු කණ්ඩායමකි. ඩේවිඩ් බෙකම් වැනි සුපිරි පාපන්දු ක්‍රීඩකයන් බිහිවූයේ ද මෙම මැන්චෙස්ටර් යුනයිඩට් පාපන්දු පිල හරහා ය.

පසුගිය ජූලි මාසයේ, දරුවන් ගුහාවෙන් බේරා ගත් පසු මැන්චෙස්ටර් යුනයිටඩ් පිල ඔවුන් ට ඕල්ඩ් ට‍්‍රැපඩ් වෙත පැමිණෙන ලෙස ආරාධනා කර තිබිණි. ඒ අනුව පසුගියදා ඔවුන් සියල්ලෝම ඕල්ඩ් ට‍්‍රැපඩ් වෙත ගොස් තිබුණේ එහි පැවැත්වෙන පාපන්දු තරගයක්ද නැරඹීමේ අරමුණිනි.

විශේෂ ආරාධිතයන් සදහා වෙන්වූ නැරඹුම් කුටියේ සිට ඔවුන් සියල්ලෝම මෙම පාපන්දු තරගය නැරඹුහ.

මෙම තායි වීරයන් හමුවූ ජොසේ ට්විටර් පණිවිඩයක් මගින් ලෝකයට දන්වා තිබුණේ තමා ඔවුන් හමුවීම ගැන ඉමහත් ප‍්‍රීතියට පත්වන බවයි.

පෙර ලිපිය

තායි ගුහා දරුවෝ වික්‍රමය විස්තර කරති. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි