×

තායි ගුහාවේ මෙහෙයුම අවසන්. සියල්ලන්ම බේරා ගැනේ.

පුරා සති 2කට අධික කාලයක් තායිලන්තයේ පොළොව යට ජලය පිරුණු ගුහාවක සිරවී සිටි වයිල්ඩ් බෝස් පාපන්දු කණ්ඩායමේ දරුවන් 12 දෙනා සහ පුහුණුකරු යන සියලුම දෙනා මේ වන විට බේරාගෙන තිබේ.


මෙම පුවත මුලින්ම අනාවරණය කළේ ගළවා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වී සිටින තායි නේවි ඒකකය, සිය නිල ෆේස්බුක් පිටුව හරහා ය.

“The 12 Wild Boars and coach have emerged from the cave and they are safe,” යනුවෙන් එහි සඳහන් විය.

”We are not sure if this is a miracle, a science, or what.”- එය ප්‍රාතිහාර්යයක්ද, විද්‍යාවක්ද, එසේත් නැතිනම් එය කුමක්ද කියා අපි නොදනිමු‘‘ යැයි ද මේ පුදුමාකාර ජයග්‍රහණය සම්බන්ධයෙන් ඔවුන් සිය ෆේස්බුක් පිටුවේ ලියා තිබිණි. 

‘වයිල්ඩ් බෝස්‘ (Wild Boars) යනු මෙම තායි දරුවන්ගේ පාපන්දු කණ්ඩායමේ නමයි. (එය සිංහලට පරිවර්තනය වන්නේ ‘වල් ඌරන්‘ වශයෙනි. මේ නිසා ඇතැම් ජාත්‍යන්තර ජනමාධ්‍ය මෙම දරුවන් 12 දෙනා ඌරු පැටවුන් යනුවෙන් ආදරයෙන් හඳුන්වන ආකාරය ද දක්නට ලැබේ.)

අද දිනයේ බේරාගත් දරුවන් සිව් දෙනා සහ පාපන්දු පුහුණුකරු ද මේ වන විට චියැන් රායි රෝහල වෙත යවා ඇත.

මෙම දරුවන් මුදා ගැනීමේ මෙහෙයුමට එක්ව, ඔක්සිජන් ටැංකි ප්‍රවාහනය කිරීමේදී පසුගිය සිකුරාදා අවසනාවන්ත අයුරින් මරණයට පත් වූ තායිලන්ත ජාතික ස්වෙච්ඡා කිමිදුම් ශූරයාගේ මරණය නොවන්නට, මෙම අවස්ථාව තායිලන්තය සතුටු කඳුළින් තෙත් කළ අවස්ථාවක් ලෙස හඳුන්වා දිය හැකිව තිබිණි.

වැඩිදුර තොරතුරු සඳහා රැඳී සිටින්න.

BBC පුවත්සේවය විසින් පුවත වාර්තා කළ ආකාරය මෙතැනින් නරඹන්න.

[embedyt] https://www.youtube.com/watch?v=UUgeqotr-a8[/embedyt]

පෙර ලිපි-

තායි ගුහාවේ සිරවුණු ඉතිරි අය බේරාගැනීම අද


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි