×

දිනෙන් දින දරුණු වෙන තායිලන්තයේ සයිබර් නීතිය

ගූගල් ආයතනය පවසන්නේ තායිලන්ත හමුදා පාලනය විසින් 2017 වසරේ පමණක් රජයට එරෙහිව පැවතුණ දත්ත ඉවත් කරන ලෙස 9986 වතාවක් ඉල්ලීම් කර තිබෙන අතර ඉන් 93% ඉවත් කෙරුණ බවයි.


ඉදිරියේදී පවත්වන්නට නියමිත මැතිවරණය වෙනුවෙන් තායිලන්තය එරට සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධව දැඩි නීති සමූහයක් පනවා ඇත.
වාශේෂයෙන්ම තරුණ ඡන්ද දායකයන්ගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මුලින්‍රපුටා දමමින් තායිලන්තය මෙම නීති මාලාව හුදුන්වා දී තිබේ .

මෙවර මැතිරණය තායිලන්තය 2014 වර්ෂයේදී හමුදා කුමන්ත්‍රණයක් මගින් රාජ්‍ය බලය අල්ලා ගත් පසු පැවැත්වෙන ප්‍රථම මැතිවරණය වෙයි
මෙම නව නීති තුළින් සමාජ මාධ්‍ය තුළ ඡන්ද අපේක්ෂකගේ නම , ඣායාරූපය හා ඔහුගේ පෞද්ගලික දත්ත, පක්ෂයේ නම හා පක්ෂ පාඨයන් හැරුණ විට කිසිවක් සමාජ මාධ්‍ය තුළ පළ කිරීම තහනම් කර ඇත. ඊට අමතරව කකිසිදු පණිවිඩයක් හෝ විචරෙ විවේචන කිසිවක් පළ කිරීමට කිසි වෙකුටත් නොහැකි වන අයුරින් මෙම නීති සකසා තිබේ.

මැතිවරණ නීති රීති වලට අමතරව තායිලන්තය විසින් ඉදිරියේදී සයිබර් ආරක්ෂණ නීති ගෙන ඒම සදහා සූදානමින් සිටී. එහිදී අන්තර්ජාලයේ පළ කරන සෑම තොරතුරක්ම රජය මගින් පිහිටුවන ආයතනයක නිරීක්ෂණය යටතේ පළ කළ හැකි අතර ඕනෑම ආයතනයක් නවතා දැමීමට , අත්අඩංගුවට ගැනීමට, හා ඕනෑම තහනමක් පැනවීඹට එම ආයතනයට හැකි වනු ඇත.

මෙසේ එක් ආයතනයකට බලය පැවරීම සම්බන්ධව දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී
ඒ කෙසේ වෙතත් මේ වන විටත් තායිලන්තය තුළ පවතින පරිගණක අපරාධ නීතිය යටතේ රජය විසින් තමන්ට විරුද්ධ වන්නන් කෙරේ දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටී. එම නීතිය යටතේ රජයට විරුද්ධව කුමන හෝ ඡායාරුපයක්, විස්තරයක් පළ කරන්නනකුට මෙන්ම සමාජ මාධ්‍ය තුළ බෙදා හරින්නෙකුව කිසිදු බාධාවකින් තොරව අත් අඩංගුවට ගැනීමට රජයට හැකියාව ඇත. පසුගිය වසර 5 පුරා තායිලන්ත හමුදා රජය මගින් ජනතාවගේ අදහස් ප්‍රකිශ කිරීමේ අයිතිය සම්පූර්ණයෙන්ම මැඩ පවත්වන්නට මෙම නීතිය උපයෝගී කර ගැණිනි.
අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පමණක් නොව ජනතාවගේ තොරතුරු දැමීමේ අයිතියද මේ වන විට තායිලන්ත රජය දැඩි සේ උදුරාගනිමින් සිටීම මේ වන විට ජාත්‍යන්තර ප්‍රජාව තුළ විරෝධයක් පැන නගිමින් තිබේ.

2019 වසරේ හියුමන් රයිට්ස් වොච් සංවිධානය තායිලන්තය වෙත මෙමමූලික මිනිස් අයිතිවාසිකම් අහිමි කිරීම සම්බන්ධ ක්‍රියාමාර්ග නවතා මන ලෙස කරුණු දැක්වනු ලැබීය.
(NCPO) National Council for Peace and Order හෙවත් තායිලන්ත හමුදා පාලන රජය විසින් 2016 වසරේදී ‍ෆේස් බුක් සමාජ මාධ්‍ය ජාලයට එරෙහිවද නීතිමය පියවර ගන්නා බවට තර්ජනය තරන ලදී ඒ සිය පාලනය සම්බන්ධව පවතින විවේචන සියල්ල ඉවත් කළ යුතු බවට අවධාරණය කරමිනි.
ගූගල් ආයතනය පවසන්නේ තායිලන්ත හමුදා පාලනය විසින් 2017 වසරේ පමණක් රජයට එරෙහිව පැවතුණ දත්ත ඉවත් කරන ලෙස 9986 වතාවක් ඉල්ලීම් කර තිබෙන අතර ඉන් 93% ඉවත් කෙරුණ බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි