×

ගිනස් පොතට ගිය ලක්ෂ හයක පහන් පෙළක් සමග අයෝධ්‍යාවේ ගං ඉවුරු මත දීවාලි

ඊයේ (නොවැම්බර් 27) ට යෙදී තිබූ දීවාලි හෙවත් දීපවාලි උත්සවය නිමිත්තෙන් ඉන්දියාවේ අයෝධ්‍යා ප්‍රාන්තයේ සර්යු ගංගාවේ ඉවුර පහන් ලක්ෂ 6කින් ආලෝකමත් විය.


ඊයේ (ඔක්තෝබර් 27) ට යෙදී තිබූ දීවාලි හෙවත් දීපවාලි උත්සවය නිමිත්තෙන් ඉන්දියාවේ අයෝධ්‍යා ප්‍රාන්තයේ සර්යු ගංගාවේ ඉවුර පහන් ලක්ෂ 6කින් ආලෝකමත් විය.

හින්දු බසින් ‘දියා‘ ලෙස හඳුන්වන්නේ පහන් ය.

මෙවර සිදුවූයේ පසුගිය වසරේ පහන් ලක්ෂ 3 ක් දල්වා අයෝධ්‍යාවේ හින්දු බැතිමතුන් විසින්ම තබන ලද වාර්තාව බිඳ දැමීමකි. ඒ අනුව එය ගිනස් ලෝක වාර්තාවක් බවට ද පත්විය.

‘දියා‘ ලෙස හඳුන්වන දීවාලි හෙවත් දීපවාලි, ‘පහන් දාමය‘ යන සංස්කෘත වචනයෙන් බිඳී ආවකි. ඉන්දියානුවන්ගේ ආලෝකමත්ම රාත්‍රිය ලෙස මෙය සැලකේ.

මෙවර දීවාලි උත්සවය යෙදී තිබුණේ ඉන්දියාවේ සුප්‍රකට අයෝධ්‍යා පුදබිමේ රාම් මස්ජිදයේ (Ram Janambhoomi-Babri Masjid) අයිතිය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව ලබාදීමට පෙර දිනයේ වූ නිසා මෙවර උත්සවය වෙනදාට වඩා වැඩි ජවයකින් සමරන ආකාරය ද දක්නට ලැබිණි.

රාම දෙවියන් වීදි සංචාරය කරන ශෝභා යාත්‍රා වැඩසටහනක් ද මෙයට සමගාමීව ක්‍රියාත්මක කර තිබිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි