×

මියගිය (ALEXEI NAVALNY )ගේ සිරුර ඔහුගේ මවට!

නමුත් ඔහුගේ සිරුර රහසිගත ස්ථානයක මිහිදන් කිරීමට ඇයව එකඟ කරවාගෙන ඇති බව වාර්තා වේ.


සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 25 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):දිගු කලක් රුසියානු විපක්ෂ නායකයා ලෙස ඉදිරියෙන් සිට ජීවිතක්ෂයට පත්වූ ඇලෙක්සි නවාල්නි (Alexei Navalny ) ගේ සිරුර ඔහුගේ මවට ලබාදීමට රුසියානු බලධාරීන් එකඟ වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

නමුත් ඔහුගේ සිරුර රහසිගත ස්ථානයක මිහිදන් කිරීමට ඇයව එකඟ කරවාගෙන ඇති බව වාර්තා වේ.

නවාල්නි පසුගිය 16 වනදා රුසියානු සිර කඳවුරකදී අභිරහස් ලෙස මිය ගිය බව මාධ්‍ය වෙත දැනුම් දී තිබුණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි