×

ඕස්ට්‍රේලියාවට ගංවතුර අවදානමක්

ඉදිරි පැය කිහිපය තුළ හදිසි ගංවතුර තත්වයක් සමඟ සැඩ සුළං තත්වයක් අපේක්ෂා කෙරේ,


පවතින අධික වර්ෂාව හා තද සුළං හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලෑන්ඩ් හා නිව් සවුත්වේල්ස් වලට ගංවතුර අවදානමක් පවතින බවට එරට කාලගුණ විද්‍යා කාර්යාංශය නිවේදනය කර තිබේ.

කාර්යාංශය ප්‍රකාශ කර තිබුණේ, ක්වීන්ස්ලෑන්ඩ්හි උතුරු හා දකුණු ප්‍රාන්තවල ගිගුරුම් සහිත වැසි, මෙන්ම විශාල හිම කැටිති අපේක්ෂා කරන අතර ඒවා අපරභාගයේ සහ සවස් කාලයේ නැගෙනහිර දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

එමෙන්ම, ඉදිරි පැය කිහිපය තුළ හදිසි ගංවතුර තත්වයක් සමඟ සැඩ සුළං තත්වයක් අපේක්ෂා කරන අතර සෙස්නොක්, බ්‍රේඩ්වුඩ්, බෙගා, ගෝල්බර්න්, බ්‍රෙඩ්බෝ සහ නිම්මිටබෙල් යන ප්‍රදේශ විශාල වශයෙන් බලපෑමට ලක්වනු ඇති බව අපේක්ෂා කෙරේ.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි