×

පාපන්දු ක්‍රීඩාවේ විශිෂ්ටයකුගේ නික්ම යෑම!

ජර්මනියේ ජනප්‍රිය ක්‍රීඩකයකු හා පාපන්දු ක්‍රීඩාවේ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන Franz Beckenbauer අභාවප්‍රාප්ත වී ඇත.


සටහන – රෂිකා හෙන්නායක.

ජනවාරි 09 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජර්මනියේ ජනප්‍රිය ක්‍රීඩකයකු හා පාපන්දු ක්‍රීඩාවේ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන Franz Beckenbauer අභාවප්‍රාප්ත වී ඇත.

මිය යන විට ඔහු වයස අවුරුදු 78 වියේ පසු වී ඇත.

විදෙස් මාධ්‍ය පවසන්නේ , ඔහු 1974 දී බටහිර ජර්මනියේ නායකයා ලෙස ලෝක කුසලානය දිනාගත් අතර, 1990 දී කණ්ඩායම් කළමනාකරු ලෙස කටයුතු කරමින් නැවතත් කුසලානය ලබා ගත් බවයි .

Beckenbauer, Bayern Munich වෙනුවෙන් 582 වතාවක් ක්‍රීඩා කළ අතර ක්‍රීඩකයෙකු සහ කළමනාකරුවෙකු ලෙස ජර්මනියේ ඉහළම ස්ථානයක සිටි බවට වාර්තා වේ.

Der Kaiser’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඔහු ක්‍රීඩකයෙකු ලෙස 1972 දී යුරෝපීය ශූරතාව ද දෙවරක් බැලන් ඩෝර් සම්මානය ද දිනා ගනු ලැබිණි.

Bayern හි ක්‍රීඩකයෙකු ලෙස, Beckenbauer ලීග් ශූරතා හතරක් දිනාගත් අතර 1974, 1975 සහ 1976 දී ජර්මානු දැවැන්තයන්ගේ යුරෝපීය කුසලාන ජයග්‍රහණ තුන ලබාගැනීම සඳහා එහි නායකයා ලෙස කටයුතු කරනු ලැබු බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි