×

බ්‍රිතාන්‍ය රජ කිරුළට තවත් උරුමක්කාරයෙක් !

මේගන් ට සහ හැරීට පුතෙක්



ඊයේ උදෑසන සසේක්ස් ආදිපාදවරිය වන මේගන් මාක්ලේ කුමරිය විසින් බිලිඳු පුතෙකු බිහි කළ බව සසෙක්ස් හි ආදිපාදවර හැරී කුමරු දන්වා සිටියේය. ඒ ඇමරිකා එක්සත් ජනපදයේදීය. මේ වන තුරුත් ඔහුට නමක් තබා නොමැති අතර බ්‍රිතාන්‍ය රාජකීය පරම්පරාවේ මීලගට රාජ්‍යත්වයට උරුමකම් කියන්නන් ගේ ලැයිස්තුවේ සත්වෙනි තැන ඔහුට හිමිවේ.

නව පුත් කුමරුගේ උපත සම්බන්ධව හිටපු ඇමරිකානු බැරක් ඔබාමා සහ බිරිද මිචෙල් ඔබාමා හැරී සහ මේගන් දෙදෙනා වෙත සිය සුභ පැතුම් එක්කරමින් දන්වා සිටියේ තමන් බලවක් ප්‍රිතීයට පත් වන බවයි.
නව කුමරු එලිසබත් රැජිනගේ අටවැනි මී මුණුපුරා ය.

රාජාකීය පවුලට එක්වූ නව කුමරු වෙනුවෙන් නිවේදනයක් නිකුත් කළ බකිංහැම් මාළිගාව එම නිවේදනයේ සදහන් කර තිබුණේ කුමරු ඉපදෙන විට රාත්තල් 7ක් සහ අවුන්ස 3ක් බරැති දරුවෙකු බවයි.

ඇමරිකාවේ උපත ලද හෙයින් බ්‍රිතාන්‍යයේ සහ ඇමරිකා එක්සත් ජනපදය යන දෙරටම පුරවැසිභාවය ලබා ගත හැකි නව කුමරු වෙනුවෙන් මේ වන විට ලෝකයේ නන් දෙසින් සුභ පැතුම් ගලාඑයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි