×

ප්‍රාණ ඇපකරුවන් 4ක් මුදාගැනීමට සමත්වූ බව ඊශ්‍රායල ආරක්ෂක අංශයෙන් නිවේදනයක්!

ඔවුන් අවුරුදු 22 , 26 , 27 හා 41 යන වයස්වල පසුවන අතර, මුදාගත් පුද්ගලයින් 4 දෙනා අතරට පිරිමි පුද්ගලයින් තිදෙනෙකු හා කාන්තාවක ඇතුළත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


සටහන – රෂිකා හෙන්නායක ජුනි 09 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

හමාස් භාරයේ පසුවන ප්‍රාණ ඇපකරුවන් 4 දෙනෙකු මුදාගැනීමට සමත්වූ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ නිවේදනය කරයි.

2023 වසරේ ඔක්තෝබර් 7 වනදා හමාස් සංවිධානය පැහැරගත් ඊශ්‍රායල ජාතිකයින් අතරින් 4 දෙනෙකුයි මෙලෙස මුදාගෙන ඇති අතර, මධ්‍යම ගාසා තීරයට ඊශ්‍රායල එල්ල කළ දැවැන්ත ප්‍රහාර මාලාවකින් පසු මෙම පිරිස මුදා ගැනීමට සමත් වූ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ සඳහන් කරයි.

ඔවුන් අවුරුදු 22 , 26 , 27 හා 41 යන වයස්වල පසුවන අතර, මුදාගත් පුද්ගලයින් 4 දෙනා අතරට පිරිමි පුද්ගලයින් තිදෙනෙකු හා කාන්තාවක ඇතුළත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

facebook sharing button



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි