×

හොරෙකුට අමතක නොවන පාඩමක් ඉගැන්වූ අවුරුදු 82 ක ආච්චි අම්මා

ඇමරිකාවේ නිව්යෝක් නුවර ගෙයක් බිඳීමට තැත් කළ පුද්ගලයෙකුට වැඩ වැරදී ගියේ නොසිතූ ලෙස ය.


වයස අවුරුදු 82ක් වන මර්ෆි නමැති වියපත් කාන්තාව නින්දට යාමට සූදානම් වන විට දොරට තට්ටු කරන හඬක් ඇසීම නිසා නිවසේ දොර විවෘත කර ඇත. එවිට ඇය දැක ඇත්තේ තරුණයෙකි. තමන්ට තුවාළ වී ඇති බවත්, එනිසා ගිලන් රථයකට කතාකරන ලෙසත් ඔහු ඇයට පවසා ඇත.

තරුණයාට උදව් කිරීමට සූදානම් වූ නමුත් මර්ෆි, ඔහුව ගෙට වද්දා ගැනීමට ඉක්මන් වූයේ නැත. එනිසා ඇය කළේ තරුණයා පිටත සිටියදී ගෙදර දොර වසා දැමීමයි.

තමන්ගේ ඉලක්කය වැරදී ගිය බව දැනගත් තරුණයා නොකඩවා දොරට තඩි බාමින් දොර කඩාගෙන නිවස තුළට පැමිණ තිබේ.

එවිට වයස අවුරුදු 82 ක් වූ මේ කාන්තාව කර තිබෙන්නේ අතට හසු වූ දෙයින් නිවස තුළ සිටින තරුණයාට පහර දීමයි.

එය මේසයකි!

මේසය තරුණයාගේ වැදී දෙකට කැඩුණු විට ඇය තරුණයා මතට පැන, අසල තිබූ ෂැම්පු බෝතලයක් ඔහුගේ මුහුණට වත් කර, එයින් නොනැවතී කොස්සකින් ද පහර දී තිබේ.

අවසානයේදී ගෙවල් බිඳීමට උත්සාහ කළ තරුණයාට සිදුවුණේ රෝහලට යාමට ය.

‘‘එයා වැරදි ගෙදරට තට්ටු කළේ..‘‘ මර්ෆි මෙනෙවිය ABC News සමග සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පැවසුවාය.

ඊටත් වඩා වැරැද්දක් තරුණයා කර තිබේ.

එය නම්, අතීතයේ සමාජ සේවිකාවක වූ මේ වියපත් ගැහැණිය, තරුණ වියේදී කාය වර්ධන ශූරියක බව ඔහු හාංකවිසියක්වත් නොදැන සිටීමයි!

Willie Murphy is an 82-year-old weightlifter. -NBC Today Show
Willie Murphy is an 82-year-old weightlifter. Credit: NBC Today Show

කිලෝ 102 බර පන්තියේ කුසලතා දක්වා ඇති ඇය, බර උසුළන්නියක ලෙස ජාතික සහ ප්‍රාන්ත මට්ටමේ ද ජයග්‍රහණ ලබා තිබූ තැනැත්තියකි.

ඇය තවමත් නිව්යෝක් නුවර YMCA ආයතනයට ගොස් දිනපතා පුහුණුවීම්වල යෙදෙන්නීය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි