×

රිය අනතුරකින් දින 06 කට පසු මිය ගිය රුසියානු කවියා!

Lev Rubinstein සෝවියට් සාහිත්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන චරිතයක් වන සහ ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ විවේචකයෙකු ලෙස හැඳින්වෙයි.


සටහන – රෂිකා හෙන්නායක.

ජනවාරි 15 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියානු කවියෙකු වන Lev Rubinstein මොස්කව්හිදී මිය ගොස් ඇති බව වාර්තා වේ.

Lev Rubinstein සෝවියට් සාහිත්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන චරිතයක් වන සහ ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ විවේචකයෙකු ලෙස හැඳින්වෙයි.

ඔහුගේ දියණිය නිවේදනය කර ඇත්තේ, මෝටර් රථයක ගැටීමෙන් රෝහල් ගතව සිට දින හයකට පසු මිය ගිය බවයි,

76 හැවිරිදි Lev Rubinstein ජනවාරි 8 වන දින අනතුරට ලක් වූ අතර ඔහුගේ මරණයට පෙර දින කිහිපයක් කෝමා තත්ත්වයේ සිටි බවද සඳහන් වේ.

Lev Rubinstein සංකල්පවාදී ව්‍යාපාරයේ සම-නිර්මාතෘවරයා ලෙසද ප්‍රසිද්ධ වී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි