අද ජාත්‍යන්තර මාධ්‍ය වෙබ් අඩවි කිහිපයක් විසින්ම වාර්ථා කරන පරිදි මේ වන විට ලෝකයේ රටවල් මෙන්ම කලාප කිහිපයකම උෂ්ණත්වය ජීවීන්ට දරා ගත හැකි සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ ගොස් තිබීමෙන් මිනිස් ජීවිත මෙන්ම වන සතුන්ගේද ජීවිත ද අහිමි කරමින් සිටී. එමෙන්ම ලැවු ගිනි ඇති වීම හේතුවෙන් ඉතා වටිනා පාරිසරික සම්පත් රැසක් ගිනි ගනිමින් තිබේ. එහි අර්ථය වන්නේ 2021 වසරේ ග්‍රීස්ම සෘතුව මෙතෙක් තිබූ ලෝක උෂ්ණත්ව වාර්ථා බිද දමා ඇති බවයි.
මීට පෙර පැවති මට්ටම් වලට වඩා මෙම වසරේ ග්‍රීස්ම සෘතුව විශේෂයෙන්ම ඇමරිකාවේ බටහිර කොටසේ සිට බ්‍රිටිෂ් කොලොම්බියාව, කැනඩාව ආදී රටවල් වලට ඉතා බිහිසුණු ප්‍රතිවිපාක අත්කර දෙමින් සිටී. කලාපය පුරා මේ වන විටත් ඉතා සීග්‍රයෙන් පැතිර යන අධික නියගය හේතුවෙන් විශාල භූමි ප්‍රදේශ දැවී යෑම ආරම්භ වී ඇත. මේ බොහෝ රටවල උෂ්ණත්වය මේ වන විට සෙල්සියස් අංශක 46 ඉක්මවමින් තිබීම හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතය තර්ජනයට ලක් වී ඇත. මෙවැනි පසු බිමක් මත බොහෝ විශේෂඥයින් පේනවා දෙන්නේ ඉදිරි මාස කිහිපය ඇතුළත දේශ ගුණික අර්බුද විසින් ගිනි තබන ලද ව්‍යසනකාරී උණුසුම් වායු ධාරා සමස්ත ලෝකයටම විශාල බලපෑමක් සිදු කරනු ඇති බවයි.
For the 3rd day in a row Canada 🇨🇦 has seen a record breaking temperature of almost 5️⃣0️⃣°C in Lytton, BC.
The record before this #heatwave has been broken by an incredible 4.6 degrees (most records are broken by fractions of degrees) 🌡https://t.co/QNiiCjZSKJ pic.twitter.com/XhUNTItVcu
— BBC Weather (@bbcweather) June 30, 2021
මෙසේ වාර්ථා ගත ලෙස ඉහළ යමින් පවතින ඉහළ යන උෂ්ණත්වය විසින් කැනඩාවේ සහ ඇමරිකාවේ මිනිස් ජීවිත රැසක් බිලි ගනිමින් සිටින අතර පසුගිය සිකුරාදා සිට උෂ්ණත්වය හේතුවෙන් ජීවිතය අහිමි වූ කැනඩා ජාතිකයන්ගේ ගණන 130කට අධිකය. ඊයේ දිනය වන විට කැනඩාවේ සාමාන්‍ය පාරිසරික උෂ්ණත්වය සෙල්සියස් අංශක 49.9ක් දක්වා ඉහළ යෑමත් සමග එය මින් පෙර තිබූ වාර්ථා බිද දමන ලදී. එළිමහන් උෂ්ණත්වයෙන් බේරී සිටීම නිවෙස් තුළ ක්‍රියා කරවන විදුලි පංකා , වායු සමීකරණ ආදිය හේතුවෙන් තව තවත් බාහිර පරිසරයේ උෂ්ණත්වය ඉහළ යෑමේ අවධානම වැඩි වෙමින් පවතින බව බලධාරීන් පවසයි.
For the third straight week, Extreme (D3)/Exceptional (D4) Drought in the West has set a #DroughtMonitor record.
49.7% of the West is in D3/D4 compared to 48.9% last week
The high prior to the 2020/2021 drought was July 23, 2002, at 45.3%.
https://t.co/HtSRATnpTz @NOAA pic.twitter.com/E5BNYO7bfk— NIDIS Drought.gov (@DroughtGov) June 24, 2021
ඇමරිකා එක්සත් ජනපදයේ නියගයන් පිලිබද නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසන්නේ ඉදිරි සති කිහිපය තුළ පතින තත්ත්වය තවත් දරුණු විය හැකි බවයි. ඔවුන්ට අනුව එරට ජනතාව මිලියන 58.4කට අධික සංඛ්‍යාවක් නියගයෙන් පීඩාවට පත්වන ප්‍රදේශ වල ජීවත් වෙයි. එමෙන්ම ඇමරිකාවේ ප්‍රාන්ත 12 ක් පුරා අක්කර 661,400 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට ලැව් ගිනි හේතුවෙන් විනාශ වෙමින් පවතී. උතුරු කැලිිෆොනියාවේ විශාලතම වනෝද්‍යානයක් වන Shasta-Trinity ජාතික වනෝද්‍යානයෙහි පැතිරුණ සීග්‍ර ලැවු ගින්න එක් රැයක් තුළ අක්කර 13000කට අධික භූමි ප්‍රමාණයක් දවා අළු කොට තිබේ. මෙසේ ඇති වන ලැව් ගිනිත් සහ සුළගේ වේයෙහි වැඩි වීමත් සමග උණුසුම් වායු ධාරා ඉතා සීග්‍රයෙත් පැතිරෙමින් පැවතීමත් සමග උෂ්ණත්වයේ බලපෑම තව තවත් ඉහළ යනු ඇත.
කොවිඩ් 19 ගෝලීය වසංගතයත් සමග මනුෂ්‍ය සංහතියට සිදුවන අනෙකුත් පාරිසරික, සාමාජීය බලපෑම් සියල්ලක්ම මෙන්ම මනුෂ්‍ය සංහතිය විසින් පරිසරයට සේම මුළු මහත් පෘථිවියට සිදු කරමින් සිටින බලපෑම අමතක කොට දමා ඇත. එහෙත් ඒ සියල්ල මේ මොහොත වන විටත් සිදු වෙමින් පවතී. දේශ ගුණික විපර්යාස යනු එහි ඉදිරියේම සිටින පෘථවිය මිනිසාට මිනිසා විසින් නැති කර ගැනීමේ ඵල විපාක වල ඉදිරියේම සිටින්නාය.
ඒ අනුව අන් කවරදාකටත් වඩා වේගයෙන් කඩා වැටෙන හිම කදු, මුහුදු මට්ටමේ හළ යෑම්, මෙන්ම පාරිසරික උෂ්ණත්වය අදහා ගත නොහැකි ලෙස ඉහළ යෑම කමයෙන් වැඩි වෙමින් පවතී.
කාලයක් තිස්සේ ලෝකයේ සෑම කලාපයකම පාහේ රටවල් ග්‍රීස්ම සෘතුවත් සමග මෙවැනිම දරුණු ව්‍යසනයන්ට මුහුණ දෙමින් සිටින්නේ ගෝලීය උණුසුම වැඩි වීමේ ප්‍රථිපල ලෙසිනි. ලැව්ගිිනි හේතුවෙන් ඇමසන් වනාන්තරයේ අතිවිශාල ප්‍රමාණයක් පෘථිවියට අහිමිවීමේ සිට ජීවීන් රැසකගේ ජීවිත තර්ජනයට ලක්වීම ඒත් සමග වැළැක්විය නොහැකිය. වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන්, මීතේන් සහ අනෙකුත් හානිකර වායු විමෝචනය වැඩි වීමෙනි. මෙය සිදුවන්නේ කාර්මික ව්‍යවසායන්හි ක්‍රියාකාරකම්, වාහනවල ක්‍රියාකාරිත්වය, කාර්මික අනතුරු, ගිනි, පිපිරීම් සහ ගෑස් කාන්දුවීම් ආදී වූ සියළු මිනිස් ක්‍රියාකාරකම් මෙසේ ගෝලීය උෂ්ණත්වය ඉහළ දැමීමේ ලොකු කුඩා වගවීම් බවට පත්වී ඇත.