×

ළමා අයිතීන් ගැන ඉතිහාස කථාව

ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය රටවල් වැඩිම සංඛ්‍යාවක් අත්සන් තබා පිලි ගැනීමට එකග වූ ජාත්‍යන්තර ලියවිල්ලක් වේ.


දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත වූ සමාජයක ඔවුන්ට යහපත් ලෙස වැඩී වර්ධනය වීමට මනා පසුබිමක් ගොඩ නැගේ. නමුත් එවැනි පසුබිමක් නිර්මාණය වූ දරුවන් සිටින්නේ ලොව කීයෙන් කී දෙනාද?

තවමත් ලෝකයේ මිලියන 300කට වැඩි දරුවන් පිරිසක් ජීවත් වන්නේ ඔවුන්ට නුසුදුසු ලෝකයකයි. බිදුණු පරිසරයන් තුළ බිදුණු ජීවිත ඔවුහු ගත කරති. බිලියන 1.7ක් දරුවන් වාර්ෂිකව කාගේ හෝ ගොදුරක් බවට පත් වෙති.සූරාකෑමට ලක් වෙති. ළමා වහලුන් සේ දුක් විදිති.

එසේ වුවත් දිළිදු බව , සූරාකෑම හෝ ප්‍රචණ්ඩත්වය ලෝකයේ නියත ධර්මයන් නොවන්නේය. ඒවා කිසිවෙකු විසින් සිදු කරන කාර්යන් හේතුවෙන් ආත්මාර්ථකාමීත්වය හේතුවෙන් දරුවන්ට මුහුණ දෙන්නට සිදුවී ඒවාය. ලෝකයේ දියුණූ මෙන්ම නොදියුණු සමාජයන් තුළ පවතින දැනුම් හා අධ්‍යාපන පරතරය හේතුවෙන් උද්ගත වන තත්ත්වයන්ය.

එසේ නොවන පසුබිමක් මත දරුවන් සදහා සුරක්ෂිත පරිසයක ඔවුන්ගේ අයිතීන් ද සුරක්ෂීතය. ලෝකයේ වඩාත් අවධානම් ජීවිත ගත කරන දරුවන් ටද දියුණු සහ සුරක්ෂිත දරුවන් මෙන්ම අවශ්‍යතා සපිරිණූ දරුවන් ලෙස ජීවත් වීමේ හැකියාවක් ඇත.

ඔවුන්ට එවන් පසුබිමක් නිර්මාණය කිරීම උදෙසා ඔවුන්ගේ ආගම , වයස , ජාතිය හෝ ඔවුන් උපන්නේ කොහේද යන්න භේදයක් නොමැතිව ලෝකයේ සම අස්සක මුල්ලක ජීවත් වන දරුවන්ට හිමිවූ අයිතිවාසිකම් ළමා අයිතිවාසිකම් වේ.

ජාත්‍යන්තර නීතිය හා බැදුණු ළමා අයිතිවාසිකම්

Convention on the Rights of the Child (CRC) හෙවත් ළමා අයිතිවාසිකම් සදහා වන සම්මුතිය නැත්නම් ප්‍රඥප්තිය මගින් තහවුරු වී ඇති දරුවන්ගේ අයිතිවාසිකම් වල මූලික අරමුණ ලෙස අවධාරණය කර ඇත්තේ ” සෑම දරුවෙක්ටම සාධාරණ ලෙස , සමානාත්මතාවයෙන් යුතුව ආත්ම ගරුතුවයෙන් යුතුව සැළකීමට අයිතියක් ඇති බවයි.

එක්සත් ජාතීන් ගේ සංවිධානය විසින් අර්ථකථනය කරන පරිදි ”ළමයා” යනු දරුවාට අදාල වන නීතිය යටතේ වැඩිහිටි භාවයට පත්වීමට පෙර වයස අවුරුදු 18ට අඩු සෑම අයෙක්ම ය‍.
එම සංවිධානයට අනුව දරුවන් සෑම මෙහොතකම අවදානමක් ඇතිව ජීවත්වන්නන් බැවින් ඔවුන් සියල්ලන්ටම විශේෂ රැකවරණයක් සහ සහයෝගය ලබා දිය යුතු වන්නේය.

ජාත්‍යන්තර ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට අනුව
සෑම දරුවෙකුටම සුන්දර ළමා වියක් සදහා සාමය, ගෞරවය, ඉවසීම, නිදහස, සමානාත්මතාවය සහ සහයෝගීතාවයෙන් වර්ධනය විය යුතු අතර එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්බන්ධ නීතිය ට අනුව මෙම අයිතිවාසිකම් ලබා දීමේ වගකීම ලෝකයේ සියලු ජාතීන්ට වගකීමක් ඇත.

දෙවන ලෝක යුද්ධයෙන් පසු බිහිවූ එක්සත් ජාතීන්ගේ සංවිධානය පොදුවේ සමස්ථ මිනිස් අයිතිවාසිකම් මෙන්ම දරුවන්ගේ අයිතිවාසිකම් පිළබදව ද විශෞෂයෙන්ම සිය අවධානය යොමු කරන ලදී. ඒ ලෝක යුද්ධයට හසුවූ දරුවන්ගේ අත්දැකීමද සමගිනි. දරුවන්ට ලෝක යුද්ධය හේතුවෙන් ඇතිවූ ශාරීරික මෙන්ම මානසික බලපෑම සුළූ කොට තැකිය හැක්කක් නොවීය. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) තීරණය කළේ දරුවන්ට ඔවුන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය බවයි.


ඒ අනුව ඒක්සත් ජාතීන් ළමා අයිතිවාසිකම් පිළිබඳ ජිනීවා ප්‍රකාශය සම්මත කිරීමට එකඟ විය. මෙම ප්‍රකාශය ප්‍රකාශ පහකින් පමණක් කෙටි වූ නමුත් අවදානමට ලක්විය හැකි යැයි සැලකෙන ළමයින් සඳහා වන වගකීම් ලැයිස්තුවක් එහි දක්වා ඇත.

එමෙන්ම දෙවන ලෝක යුද්ධයෙන් පසුව, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ළමා අයිතිවාසිකම් ප්‍රකාශය පිළිගත්තේය. මෙම ප්‍රකාශය 1989 දී ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය සම්මත කර ගැනීමට මග පෑදූ අතර එය දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා පළමු නීත්‍යානුකූල ජාත්‍යන්තර බැදීම විය.

.උරුමකම් කීමට අයිතියක් ඇත. සිය පවුලේ සාමාජිකයන්, සහ යහපත් ප්‍රජාවකින් සුරක්ෂිත වුණ ළමා වියක් සදහා ඔවුන්ට අයිතියක් ඇත. ප්‍රචණ්ඩත්වයෙන් තොර මෙන්ම ශක්තිමත්ව වර්ධනය වන්නටද ඔවුන්ට අයිතියක් ඇත‍

ළමා අයිතිවාසිකම් පිළිබඳ ඉතිහාසයේ ළමා අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුතිය වඩාත්ම පුළුල් ලෙස අනුමත කරන ලද මානව හිමිකම් ගිවිසුමයි. එය වගන්ති 54 කින් යුතුව ප්‍රධාන විශෟවාසයන් 4ක් මුල් කරගනිමින් සකස් වී ඇත.
ඒවානම්
දරුවන් කිසිදු පදනමක් මත වෙනස් කොට සැලකීමකට ලක් නොවිය යුතුය (2 වන වගන්තිය).

  • ඔවුන්ට බලපාන සෑම තීරණයක් විසින්ම, ඔවුන්ගේ යහපත උදෙසා ප්‍රමුඛ අවධානය යොමු කළ යුතුය (3 වන වගන්තිය).
  • දරුවන්ට සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීමට හා වර්ධණය වීමට අයිතියක් ඇත (6 වන වගන්තිය).
  • තමන්ට බලපාන කාරණා සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් සැලකිල්ලට ගැනීමට සදහා දරුවන්ට අයිතියක් ඇත (12 වන වගන්තිය).

මෙම මූලධර්ම වලින් පිළිඹිඹු වන දරුවන්ගේ අයිතිවාසිකම් සෘජුවම වගන්ති 44 මගින් ජීවත්වීම, ආරක්ෂාව, සංවර්ධනය සහ සහභාගීත්වය යන ක්ෂේත්‍රයන් ඔස්සේ සුරක්ෂිත කිරීමට අදාල කාරණා ප්‍රකාශයට පත්කොට ඇත. සෙසු වගන්ති ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය සම්බන්ධයෙන් රජයක් ලෙස ක්‍රියාකාරි විය යුතු ආකාරය පිළිබද විස්තර කරනු ලබයි.
ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියේ සඳහන් වගන්ති මෙසේ කොටස් කල හැකිය.

  • 01 – 41 දක්වා වගන්ති – සම්මුතිය පිලිගන්නා රටවල් විසින් ක්‍රියාත්මක කල යුතු ළමාඅයිතිවාසිකම් දක්වයි.
  • 42 – 45 දක්වා වූ වගන්ති – සම්මුතිය ක්‍රියාත්මක කිරීම හා, පරීක්ෂා කිරීම හා ඒ හා අදාල වාර්තාකරණ ක්‍රියාවලිය දක්වයි.
  • 46 – 54 දක්වා වු වගන්ති – සම්මුතිය වලංගුවීම සඳහා රාජ්‍යයන් විසින් ඉටුකල යුතු කාර්යය භාරය දක්වයි.

ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය රටවල් වැඩිම සංඛ්‍යාවක් අත්සන් තබා පිලි ගැනීමට එකග වූ ජාත්‍යන්තර ලියවිල්ලක් වේ.සෑම වසර 5 කට වරක් මෙම සම්මුතිය පිළි ගැනීමට ලක් වූ රටවල් එක්සත් ජාතීන්ගේ ළමාඅයිතිවාසිකම් කමිටුව ඉදිරියේ තම රටේ ළමා අයිතිවාසිකම් සුරැකීමේ තත්වය පිළිබඳ වාර්තාකිරීමට වගකීමෙන් බැඳි සිටී.1991 දී ශ්‍රී ලංකාව ද මෙම සම්මුතියට අත්සන් තබා පිළි ගැනීමටඑකඟතාවය පලකරන ලදී



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි