×

ඇමෙරිකාවෙන් අවධානාත්මක නිවේදනයක්!

ඇමෙරිකාව පෙන්වා දෙන්නේ, පසුගිය මාස කිහිපය තුළ දී නැගෙනහිර යුක්රේනයේ අව්ඩිව්කා නගරයේ බලය යුක්රේන හමුදාවන්ට අහිමි වෙමින් පවතින බවයි.


සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 16 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):  නැගෙනහිර යුක්රේනයේ නගර රුසියාව අත්පත් කර ගැනීමේ අවධානමක් පවතින බව ඇමෙරිකාව නිවේදනය කරයි.

ඇමෙරිකාව පෙන්වා දෙන්නේ, පසුගිය මාස කිහිපය තුළ දී නැගෙනහිර යුක්රේනයේ අව්ඩිව්කා නගරයේ බලය යුක්රේන හමුදාවන්ට අහිමි වෙමින් පවතින බවයි.

යුක්රේනයට අවශ්‍ය අවි ආයුධ ප්‍රමාණවත් තරම් නොතිබිම ඊට ප්‍රධාන හේතුවක් වන බව ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක කවුන්සිලය නිවේදනය කරන අතර, යුද මෙහෙයුම් හේතුවෙන් නගරය මේ වන විටත් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වේ.

කෙසේ වුව ද පසුගිය බදාදා (14) දිනයේ දී ඇමෙරිකා ඩොලර් බිලියන 95ක සහන පැකේජයක් සදහා ඇමෙරිකා සෙනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන් අතර, ඉන්  ඩොලර් බිලියන 60ක ප්‍රමාණයක් ලබා දීමට නියමිතව ඇත්තේ යුක්රේනයට බව එරට මාධ්‍ය වාර්තා කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි