×

බිහාරයේ මත්පැන් තහනම් කළ ගැහැණු.

පුරුෂ මූලික ගතානුගතික ලක්ෂණ විශාල ප්‍රමාණයකින් සමන් විත ඉන්දියානු සාමාජය වෙනස් කිරීම සඳහා මෙසේ කාන්තාවන් පෙළ ගැසෙන්නේ ඔවුන් ගේ පීඩනය නිසාමය.


ලෝකයේ අති විශාලම ප්‍රජාතාන්ත්‍රික රාජ්‍ය වන්නේ ඉන්දියාවයි. ඉදිරියේදී පැවැත්වෙන්නට නියමිත මැතිවරණය මෙන්ම මෑත ඉතිහාසායේ පැවැත්වුණ මැතිවරණ වලදීද අන් කවරදාක හෝ දක්නට නොලැබුණ ලෙස කාන්තාවන්ගේ පිබිදීමක් දැකිය හැකි වී ඇත.

විශේෂයෙන් ම උතුරු ඉන්දීය කාන්තාව අන‍ කවරකුටක් වඩා මත් පැන් හේතුවෙන් පීඩාවට පත්ව සිටින්නියකි. තම ස්වාමි පුරුෂයන්ගේ බීමත්කම හේතුවෙන් දුක්බර මෙන්ම පීඩිත ජීවිත ගෙවන ඔවුන් විසින් කාලයක් තිස්සේ දේශ පාලකයන් වෙත කරමින් සිටි පැමිණිල්ල වූයේ සිය ප්‍රාන්තය තුළ මත්පැන් තහනම් කරන ලෙසයි.

මිලියන 100ක ජනතාවක් ජීවත් වන බිහාර ජනතාවගේ සියළු ජීවිත වලට බලපාන සාධකයක් වූ මත් පැන් තහනම් කිරීම තමන් විසින් ඕනෑම පක්ෂයකට ඡන්දය ලබා දීමේ ප්‍රධානතම හේතුවක් කර ගත් බිහාර කාන්තාවෝ ඒ සඳහා දේශ පාලකයන්ට බල කර සිටියහ.

ඒ අනුව 2016 වසරේදී මැතිවරණය ජයග්‍රහණය කළ ප්‍රධාන අමාත්‍ය නිටිෂ් කුමාර් බිහාරය තුළ සම්පූර්ණයෙන්ම තහනම් කළේය. ඒ ඔහුගෙන් කාන්තාවන්ට වූ මැතිවරණ පොරොන්දුවක් පරිදිය. ඒත් සමග බිහාරයේ සිදුවෙමින් තිබූ ගෘහස්ත ප්‍රචණ්ඩකාරී ක්‍රියා, සුළු අපරාධ, සහ ආදායම් නාස්තිය විශාල වශයෙන් පහත වැටිණි..

මෙම මැතිවරණයේදී බිහාරයේ කාන්තාවන් ඉතා පැහැදිලි සහ සෘජු ලෙස දේශ පාලකයන් වෙත දන්වා සිටියේ සිය ඡන්දය ලැබෙන්නේ මත්පැන් තහනම් කරන අයෙක්ට බවයි. ඒ අනුව එවර මැතිවරණයේදී පුරුෂ ඡන්ද දායකයන් සියයට 7%කින් අභිබවා යන්නට කාන්තා ඡන්ද දායකයන් ට හැකි විය.

ඒ මැතිවරණය ජයග්‍රහණය කළ නිටිෂ් කුමාර් විසින් සිය මැතිවරණ පොරොන්දු තුළ මෙන්ම මැතිවරණ කථා තුළද බිහාරයේ මත් පැන් සම්බන්ධව සිය මතය පැහැදිලි කිරීමත් සමගිනි.

මේත් සමග ඉන්දියාව තුළ කාන්තා මූලික මැතිවරණ ප්‍රචාරණයන්ට වැඩි වටිනාකමක් දීමේ ප්‍රවණතාවක් මේ වන විට ඉන්දියාව තුළ දැකිය හැකි වේ.

බිලියන 1.3ක ජනතාවක් වෙනුවෙන් ඉදිරියේදී ඉන්දියාවේ පවත්වන්නට නියමිත ජාතික මැතිවරණය තුළද කන්තාවගේ භූමිකාව ඉන්දීය ඉතිහාසයේ අන් කවරදාටත් වඩා වෙනස් වී තිබෙනු දැකිය හැකිය.

දේශපාලන පක්ෂ නායකයන් විසින් දැරියන් සඳහා නොමිලේ අධ්‍යාපනය, අලුතින් විවාහ වන කාන්තාවන් සඳහා මුදල්, කාන්තාවන් සඳහා විශේෂ පොලිස් ස්ථාන, ආදී මැතිවරණ පොරොන්දු කාන්තාවන් වෙනුවෙන් ලබා දෙමින් සිටී.

පුරුෂ මූලික ගතානුගතික ලක්ෂණ විශාල ප්‍රමාණයකින් සමන් විත ඉන්දියානු සාමාජය වෙනස් කිරීම සඳහා මෙසේ කාන්තාවන් පෙළ ගැසෙන්නේ ඔවුන් ගේ පීඩනය නිසාමය.

ලෝකයේ ස්ත්‍ර පුරුෂ සමානාත්මතාවය පවතින රටවල්  අනුපිළිවලින් ගත් විට එම ලැයිස්තුවේ අවසානයේ තුන්වන ස්ථානය දරන රට ඉන්දියාවයි. අතීතයේ පටන් කාන්තාව විවිධ හේතු මත මැතිවරණ වලදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියාය. ඇයව මැතිවරණ සඳහා සහභාගී කර ගැනීමට කාලයක් තිස්සේ දේශ පාලන පක්ෂ විසින් හා දේශ පාලකයන් විසින් ඉමහත් උත්සහයක් ගනු ලැබිණ . නමුත් අද තත්ත්වය වෙනස් වී ඇත. කාන්තාවන් දේශ පාලන නායකයන් ගෙන් සිය ඉල්ලීම් දිනා ගැනීම සඳහා සිය ඡන්දය අවියක් කර ගැනීම ආරම්භ කර ඇත.

ඉන්දීය ජනගහණයෙන් පුරුෂයින් 1000කට කාන්තාවන් සිටින්නේ 943කි. මෑත කාලයේ නීතියෙන් තහනම් වුවත් ස්ත්‍රී පුරුෂ භාවය තීරණය කිරීමෙන් පසු ස්ත්‍රී කළල ගබ්සා කිරීම, දැරීයන් උපන් ගමන් මරා දැමිම දෙමවු පියන් පිරිමි දරුවන් වෙනුවෙන් වැඩි සැළකිල්ලක් දැක්වීම ආදී කරුණු හේතුවෙන් ඉන්දියාව තුළ කාන්තා ජනගහණය එසේ අඩුවීමට හේතූන් විය.

කෙසේ වෙතත් මෑත ඉතිහාසය විසින් කාන්තාවගේ එම තත්ත්වය වෙනස් වෙමින් පවතී 2012 -2018 වසර වන විට ප්‍රාදේශීය මැතිවරණ ව්‍යාපාර තුළ ප්‍රාන්ත තුනෙන් දෙකම කාන්තා දායකත්වය  පිරිමින්ට වඩා ඉහළ ගොස් ඇත.

2014 වසරේදී ඉන්දීය ජනපතිවරණය ජයගත් නරේන්ද්‍ර මෝඩිද සිය චය වෙනුවෙන් කාන්තාව යොදා ගත් බව රහසක් නොවේ. ඔහු මැතිවරණ පෙරොන්දු ලෙස නිවාස මිලියන ගණනකට ඉවුම් පිවුම් සඳහා ගෑස් සිලින්ඩර් ලබා දීම, සෑමනිවසකටම බැංකු ගිණුමක් විවෘත කර දීම, ඒ අනුව ඉන් අඩක්ම කාන්තාවන් ජීවිතයේ පළමු වතාවට බැංකු ගිණුමක් විවෘත කළ අය විය. ආදී පියවරයන් ගනු ලැබීය.

මෙකී පසුබිම තුළ ඉතිහාසයේ ප්‍රථම වතාවට 2019 මැතිවරණය වැඩි කාන්තා ප්‍රතිශතයකගේ සහභාගීත්වයකින් පැවැත්වෙනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි