×

ලෝකය දිනකට ප්ලාස්ටික් ට්‍රක් 2,000 ක් සාගරයට හෙළයි.

ප්ලාස්ටික් නිෂ්පාදන වලට දිගු ආයු කාලයක් ලබා දීමට ගෝලීය උත්සාහයන් තිබියදීත්,ඉන් ප්‍රතිචක්‍රීකරණය කරනු ලබන්නේ 9% ක් පමණි.


සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 23,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝකය වසරකට ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් මිලියන 400ක් පමණ නිෂ්පාදනය කරන අතර දිනකට එයින් ට්‍රක් රථ 2000ක් සාගරයට, ගංගාවලට සහ විල්වලට මුදා හරිනු ලබන බව පර්යේෂණ වලින් වාර්තා වී තිබේ.

ප්ලාස්ටික් නිෂ්පාදන වලට දිගු ආයු කාලයක් ලබා දීමට ගෝලීය උත්සාහයන් තිබියදීත්,ඉන් ප්‍රතිචක්‍රීකරණය කරනු ලබන්නේ 9% ක් පමණි. බොහෝ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කසළ ගොඩකිරීම්වලට හෝ ඉන්දුනීසියාව සහ අනෙකුත් අග්නිදිග ආසියාතික රටවලට යවනු ලබන අතර ඒවායින් බොහොමයක් දැනටමත් ඔවුන්ගේම පරිසර දුෂණයන්ගේ ප්‍රධාන සාධකයක් බවට පත්ව ඇත.

ලෝකයේ දිගම දූපත් සමූහය ලෙස ඉන්දුනීසියාව රට ලෝකයේ දෙවන විශාලතම ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිෂ්පාදකයා වේ. ඉන්දුනීසියාවට විශාල වෙරළ තීරයක් සහ ගොඩබිමට වඩා තුන් ගුණයක මුහුදු මතුපිට ප්‍රමාණය ඇති අතර, ධීවර කර්මාන්තය මිලියන 12 ක ජනතාවක් රඳා පවතින කර්මාන්තයක් බවට පත් ව ඇත.

එරට වෙරළ තීරයේ කුණු කසළවලින් බැහැරව තබා ගැනීමට ප්‍රමාණවත් රාජ්‍ය සේවාවන් නොමැති අතර ධීවර ප්‍රජාව පිරිසිදු කිරීමේ ඉදිරි පෙළේ සිටිති.

ධීවරයන් මත්සයන් අල්ලා ගැනීමෙන් පසු ප්ලාස්ටික් සහ මාළු වෙන් කිරීමට පැය ගණනක් ගත කරන බවට පැවසෙන අතර මත්ස්‍යයන් සාගර ප්ලාස්ටික් අපද්‍රව්‍ය සමඟ නිරන්තරව සම්බන්ධ වීම නිසා ප්ලාස්ටික් සහ කුඩා ක්ෂුද්‍ර ප්ලාස්ටික් ආහාර දාමයට ඇතුල් වෙමින් පවතී.

මෙම විෂම චක්‍රය නැවැත්වීම සඳහා ඇතැම් පාරම්පරික ධීවර ගම්මාන තම ඇල්ලීම සඳහා වෙනත් ක්‍රමවලට යොමුවෙමින් සිටිති.

ඉන්දුනීසියාව, චීනය, එක්සත් ජනපදය සහ යුරෝපා සංගමයේ රටවල ප්ලාස්ටික් අපද්‍රව්‍ය ආනයනය සඳහා ඔවුන්ගේ නීති දැඩි කර ඇති අතර ඉන්දුනීසියාව සම්පූර්ණයෙන්ම ප්‍රතිචක්‍රීකරණය කළ හැකි නිෂ්පාදන නැව්ගත කිරීමට පමණක් ඉඩ දෙනු ඇත. තායිලන්තය තවත් පියවරක් ඉදිරියට ගොස් ඇති අතර ඔවුන් 2025 සිට පැමිණෙන සියලුම ප්ලාස්ටික් අපද්‍රව්‍ය නැව්ගත කිරීම් තහනම් කිරීමට කටයුතු කරමින් ඇත.

ඒ අතරම, යුරෝපීය සංගමය විසින් 2026 වන විට සංවර්ධනය වෙමින් පවතින රටවලට ප්ලාස්ටික් අපද්‍රව්‍ය අපනයනය කිරීම තහනම් කිරීමට නීති සම්මත කරනු ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ,



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි