මේ වන විට ලෝකය සිටින්නේ මේ සම්බන්ධයෙන් අසාර්ථක වීමේ එළිපත්තේ ය. විශේෂයෙන්ම ගෝලීය උණුසුම ඉහළ යාම පාලනය කර ගැනීමට ලෝකය අසමත් වී සිටින අතර, ඉදිරි දශකය තුළ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය පාලනය කර ගැනීමට අප අසමත් වුවහොත්, මේ ලෝකය, මීට වඩා බෙහෙවින් නරක තැනක් බවට පත්වීමට නියමිත ය.
ලෝකයේ දෙවැනි විශාලතම කාබන් ඩයොක්සයිඩ් විමෝචකයා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. ගෝලීය උණුසුමට දායක වීමේ ආදිනව මේ වන විට ත් ඔවුහු ටිකෙන් ටික අත් විඳිමින් සිටිති. ඔබාමා යුගයේදී මුලපිරූ 2015 පැරිස් සම්මුතිය ප්‍රකාරව කටයුතු කිරීමට ඇමරිකාවේ ට්‍රම්ප්, විවෘත ලෙසම විරෝධය පළ කර තිබේ.
මානව ශිෂ්ටාචාරය පෙර නොවු විරූ අර්බුදයකට ලක් වීම නතර කරගැනීමට නම් වහාම දෙයක් කළ යුතුව ඇත.
දේශගුණික විපර්යාස පරාජය කිරීම සඳහා වැඩ කිරීම වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය ද දිනා සිටින අන්තර් රාජ්‍ය දේශගුණික වෙනස පිළිබඳ අන්තර් රාජ්‍ය පැනලය U.N. Intergovernmental Panel on Climate Change (IPCC) විසින් පළ කළ අලුත්ම පර්යේෂණ වාර්තාව මගිනි.
‘‘2015 පැරිස් සම්මුතියේදී කතා කර ගත් ආකාරයට සෙල්සියස් අංශක 1.5 කින් ගෝලීය උෂ්ණත්වය පාලනය කර ගැනීමට කළ යුතු දේවල් මොනවාදැයි පූර්වාදර්ශ නැහැ. විශේෂයෙන්ම බල ශක්තිය, ගමනාගමනය සහ අනෙක් ක්‍රමයන් තුළ සිදුකර ගත යුතු වෙනස්කම් මොනවාදැයි හරියටම කියන්නට පෙර අත්දැකීම් අපිට නැහැ. නමුත් එය කළ හැකි දෙයක්… උදාහරණයක් විදිහට කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අද දවසේ නතර වුණොත් මිහිතලය ඒ දක්වා රත්වීම නතර වෙනවා. මේ ඉලක්කය අපට අතහැර ගන්නට බැහැ..“ යැයි එම සංවිධානයේ පාරිසරික විශේෂඥයෝ අවධාරණය කළහ.
‘‘අපි මේ පණිවුඩය ලෝකයේ රාජ්‍යයන් වෙත ලබාදී තිබෙනවා. දැන් එය ඔවුන්ගේ වගකීම.“ යැයි IPCC හි සම සභාපති ජිම් එස්කියා පැවසුවේය.
මේ වන විට ලෝකයේ වාර්ෂික කාබන් ඩයොක්සයිඩ් විමෝචනය වසරකට ටොන් බිලියන 40 ඉක්මවයි. එය වසර 2030 වන විට දැඩි සේ පාලනය කර ගත යුතුව තිබේ.
මීළඟ දශකය තුළ සමස්ත කාබන් ඩයොක්සයිඩ් විමෝචනය වසරකට ටොන් බිලියන 1කට වඩා අඩුකර ගත යුතුව ඇති බව ද එහිදී අවධාරණය කෙරිණි. ඒ අනුව වසර 2021 පටන් අවම වශයෙන් එය ටොන් බිලියන 39 ක් වත් විය යුතුය. එසේ නොවුණහොත් අදාළ ඉලක්ක වෙත ළඟා වීමට මානව වර්ගයා අසමත් වනු ඇත.
වසර 2050 වන විට මානවයා සම්පූර්ණයෙන්ම හෝ ඊට ආසන්න තත්වයකින් ගල් අඟුරු දහනය නතර කරගත යුතුව ඇති බව ද විශේෂඥයෝ පෙන්වා දෙති.
මේ වන විට ලෝකයේ කාබන් ඩයොක්සයිඩ් විමෝචනයට දායක වන ප්‍රධානතම රටවල් 10 සහ එ් එක් එක් රටක් මගින් විමෝචනය කරන කාබන්ඩයොක්සයිඩ් ටොන් ගණන පහත ප්‍රස්ථාරයේ දැක්වේ. මෙම ප්‍රස්ථාරයට අනුව කාබන්ඩයොක්සයිඩ් විමෝචනය හරහා මිහිතලය උණුසුම් වීමට වැඩිම දායකත්වය ලබාදෙන රටවල් වන්නේ, එනම්, වැඩිපුරම මිහිතලය උණුසුම් කරන රටවල් 10 පහත පරිදි වේ.
1. චීනය
2. ඇමරිකා එක්සත් ජනපදය
3. ඉන්දියාව
4. රුසියාව
5. ජපානය
6. ජර්මනිය
7. ඉරානය
8. සෞදි අරාබිය
9. දකුණු කොරියාව
10. කැනඩාව
ලෝකයේ කීර්තිමත්ම දේශගුණික විපර්යාස පැනලය වශයෙන් සලකන IPCC හි විද්‍යාඥයෝ 100කට අධික සංඛ්‍යාවක් කටයුතු කරති.