×

කැනඩාවේ (49.6 C) සිට කුවේටය (53.2C) තෙක් ගිනි ගන්නා ලෝකය

එක්සත් ජනපදය පදනම් කරගත් ජාතික සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනයට (NOAA) අනුව, අධි පීඩන වායුගෝලීය තත්වයන් 'ලා-නිනා (La-Nina)' වැනි කාලගුණික රටාවන් සමඟ සංයෝජනය වන විට තාප ශිඛරයක් නිර්මාණය වේ.


 

උතුරු අර්ධගෝලයේ රටවල් කිහිපයකට මෙම වසරේ ජුනි මාසය සුවිශේෂී උණුසුම් මාසයක් විය. මෙතෙක් ලෝක උෂ්ණත්වය පිළිබදව පැවති වාර්ථි බිද දැමූ මෙවර ග්‍රීෂ්මය නිසා කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා පළාතේ අවම වශයෙන් හදිසි මරණ 486 ක් වාර්තා වී ඇති අතර උෂ්ණත්වය 50C (122F) දක්වා ඉහළ ගොස් තිබේ. එක්සත් ජනපදයේ, දැනට පවතින තාප තරංග හේතුවෙන් අධිවේගී මාර්ග වළ පවතින විදුලි රැහැන් දියවී ඇත යන තරමේ උෂ්ණත්වයක් පවතින්නේය ඒ පමණක් නොව ලෝකයේ තවත් කලාපයන් රැසක උෂ්ණත්වය ජීවයට දරා ගත නොහැකි ලෙසින් ඉහළ ගොස් ඇත. මේ අධික උෂ්ණත්වය නිසා දොස් පැවරෙන්නේ වායුගෝල පද්ධතියේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට බාධා කරමින් හටගන්නා එල් නිනෝ සහ ලා නිනෝ දේශ ගුණික සංසිද්ධීන් මත ගොඩ නැගී ඇති ඊනියා “තාප ශිකරය” නැත්නම් “heat dome” නැමති දේශගුණික නිර්මාණයටයි.

මොකක්ද මේ heat dome?
ගිම්හානයේදී වහලය මත තබා ඇති ජල ටැංකියක් ගැන සිතන්න. තාපය වැඩි වන විට ජලය උණුසුම් වන නමුත් ටැංකියේ පියන නිසා තෙතමනය හා වාෂ්පයෙන් ගැලවිය නොහැක. වායුගෝලය පියනක් හෝ තොප්පියක් වැනි උණුසුම් සාගර වාතය උගුලට හසු කරන විට තාප කුළුණක් හට ගනී.

එක්සත් ජනපදය පදනම් කරගත් ජාතික සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනයට (NOAA) අනුව, අධි පීඩන වායුගෝලීය තත්වයන් ‘ලා-නිනා (La-Nina)’ වැනි කාලගුණික රටාවන් සමඟ සංයෝජනය වන විට තාප ශිඛරයක් නිර්මාණය වේ.
එල් නිනෝ දේශ ගුණික රටාවෙහි විරුද්ධ සංසිද්ධිය වන ලා නිනා සිදු වීමේදී ඇමරිකානු ගැඹුරු මුහුදේ ශිත ජලය එහි මතුපිටට එන විට එහි මතුපිට පැවති උණුසුම් තද සුළං දකුණු ඇමරිකාවේ සිට ඉන්දුනීසියාව දක්වා ගමන් කරයි. එවිට හමන උණුසුම් තාප ධාරාවන් හේතුවෙන් පරිසර උෂ්ණත්වය වැඩි වී තාප කුළුණ නිර්මාණය වේ්.

දැවෙන ලෝකය

නාසා හි ගොඩාර්ඩ් අභ්‍යවකාශ අධ්‍යයන ආයතනය (ජීඅයිඑස්එස්) විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකින් දක්වා ඇත්තේ 2020 වසර පෘථිවියේ ගෝලීය සාමාන්‍ය පෘෂ්ඨීය උෂ්ණත්වය 2016 සර සමඟ සසඳන විට වාර්තාගත උණුසුම්ම වසර වී ඇති බවයි. එසේනම් 2021 වසර ඊට ඉහළ අගයක් ගෙන 2020 වාර්ථා බිද දමා ඇති බව මේ වන විට ලෝකයේ රටවල් බොහෝමයක් අත් විදිමින් සිටින තත්ත්වය සමග වටහා ගත හැකි වෙයි.

GISS හි අධ්‍යක්ෂ ගේවින් ෂ්මිට් මහතා පවසන පරිදි , “පසුගිය වසර හත ලොව වාර්තාගත උණුසුම්ම අවුරුදු හත වන අතර එය අඛණ්ඩව හා හේතු පාදක ලෙස උණුසුම් වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. ඔහු ට අනුව වැදගත් වන්නේ දිගු කාලීන අඛණ්ඩ ප්‍රවණතා වයි. මෙම ප්‍රවණතා සහ දේශගුණය කෙරෙහි මානව බලපෑම වැඩි වන විට, වාර්තා අඛණ්ඩව බිඳ වැටෙනු ඇතැයි අප අපේක්ෂා කළ යුතුය. ” ඔහු පවසයි.

 

මෙතෙක් වාර්තා වූ උණුසුම්ම උෂ්ණත්වය

අල් ජසීරා වෙබ් අඩවිය විසින් ලෝකයේ උෂ්ණත්වය සම්බන්ධව පළ කර තිබූ සිතියම් කරණය අනුව ඉන් උපුටා ගත් පරිදි පහත සිතියම මඟින් ලොව පුරා සෑම රටකම වාර්තා වූ උණුසුම්ම උෂ්ණත්වයන් පෙන්වයි. එයට අනුව ලෝකයේ අවම වශයෙන් රටවල් 23 ක් 50C (122F) හෝ ඊට වැඩි උපරිම උෂ්ණත්වයක් මෙම වසරේ වාර්තා කර ඇත.

මෙතෙක් පැවති වාර්ථා අනුව නිල වශයෙන් ප්‍රකාශ වී ඇති ඉහළම උෂ්ණත්වය 56.7C (134F) වන අතර එය 1913 දී කැලිෆෝනියාවේ ඩෙත් නිම්නයේ වාර්තා විය. අප්‍රිකාවේ උ අධිකතම උෂ්ණත්වය 55C (131F) වන එය අතර 1931 දී ටියුනීසියාවේ කෙබිලි හි වාර්තා විය. ඉරානයේ ආසියාවේ උණුසුම්ම නිල උෂ්ණත්වය 54C වේ. (129F) එය 2017 දී වාර්තා කරන ලදී.
2020 දී ඇන්ටාක්ටිකාවේ සෙමෝර් දූපතේ උපරිම උෂ්ණත්වය 20.7C (69.3F) ලෙස වාර්තා විය. එක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණ විද්‍යා සංවිධානයට (WMO) අනුව, පසුගිය වසර 50 තුළ ඇන්ටාක්ටික් අර්ධද්වීපයේ උෂ්ණත්වය 3C (5.4F) කින් පමණ ඉහළ ගොස් තිබේ.

2021 මිහිමත උණුසුම්ම ස්ථානය කුවේටයේ

ජූනි 22 වන දා කුවේටයේ නුවෙසීබ් හී උෂ්ණත්වය සෙල්සියස් අංශක 53.2 ලෙස වාර්ථා විය ඒය මෙතෙක් මෙම වසරේ වාර්තා වූ ඉහළම උෂ්ණත්වයයි. අසල්වැසි ඉරාකයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 51.6 ලෙස පසුගිය ජූළී පළමු දා වාර්ථා විය.
ඉරාකයේ තත්ත්වයද ඊට සමානය. මැදපෙරදිග කලාපයේ රටවල් සියල්ලකම පාහේ උෂ්ණත්වය මෙම වසරේ පසුගිය වසරවලට සාපේක්ෂව ඉහළ අගයක් ගන්නා ලදී..

පරිසර උෂ්ණත්වය මැනීමේදී

ඔබගේ දුරකථනයේ ඇති කාලගුණය සම්බ්න්ධ යෙදුම හෝ රූපවාහිනී ප්‍රවෘත්තිවල ඔබ දකින් කාළගුණික වාර්ථාවේදී ඔබට දැකිය හැකි උෂ්ණත්වය රඳා පවතින්නේ ලොව පුරා ස්ථානගත කර ඇති කාලගුණ මධ්‍යස්ථාන ජාලයක් මත ය.

නිවැරදි කියවීම් සහතික කිරීම සඳහා, කාලගුණ මධ්‍යස්ථානයන්හී බිම් මට්ටමේ සිට සිට මීටර් 1.25-2 (අඩි 4-6) ක උසකින් පිහිටුවන ලද ස්ටීවන්සන් තිරය නමින් හදුන්වන ති උපකරණවල තැන්පත් කර ඇති විශේෂ ප්ලැටිනම් ප්‍රතිරෝධක උෂ්ණත්වමාන ලෙස භාවිතා කරයි.

උෂ්ණත්වය මැනීම සඳහා ලෝකය සුප්‍රසිද්ධ පරිමාණයන් දෙකක් භාවිතා කරයි: ඒවා නම් ඔබ දන්නා පරිදි සෙල්සියස් සහ ෆැරන්හයිට්. එක්සත් ජනපදය ඇතුළු රටවල් කිහිපයක් පමණක් ඔවුන්ගේ නිල පරිමාණය ලෙස ෆැරන්හයිට් භාවිතා කරන අතර සෙසු රටවල් විසින් 1742 වසරේදී දී අංශක 0-100 අතර වන තාපාංක පරිමාණය සොයාගත් ස්වීඩන් තාරකා විද්‍යා ඇන්ඩර්ස් සෙල්සියස්ගේ නමින් වන සෙල්සියස් පරිමාණය භාවිතා කරයි.

 

එල් – නිනෝ සහ ලා- නිනා
ලෝකයේ විවිධ කලාපයන් හි සිදුවන කාලගුණික විපර්යාසයන් දීර්ඝ කාලීන දේශගුණික වෙනස් වීමේ ප්‍රථිපලයක් ද එසේ නැතිනම් පැසිෆික් සාගරයේ එල් නිනෝ, ලා නිනා සංසිද්ධියේ ප්‍රථිපලයක් ද යන්න සම්බන්ධයෙන් මතභේදයක් පවතින එල් නිනෝ (ෑක භසමිද), ලා නිනා (ඛ් භසමි්) සහ ගෝලීය දේශගුණික විචල්‍යතා ලෝකය පුරා පවතින දේශගුණික වෙනස්වීම් සම්බන්ධයෙන් දේශගුණ විද්‍යාඥයින්ගේ අවධානය යොමුවේ , නමුත් මෙම තත්ත්වයන් ව්‍යාකූලය

පැසිෆික් සාගරයේ සාමාන්‍ය දේශගුණික රටාවේ සම්පූර්ණ විතැන් වීම එල් නිනෝ තත්ත්වයයි. එල් නිනෝ යනු නැගෙනහිර සිට බටහිරට සංසරණය වන වෙළඳ සුළං)දුර්වල වීම හෝ නැවතීම යන හේතූන් නිසා නැගෙනහිර සිට බටහිරට හමා යන සමක පැසිෆික් උණුසුම් සාගර ප්‍රවාහයන් ආපසු නැගෙනහිර දිශාව දක්වා හැමීමයි

සාමාන්‍ය තත්වයන් තුළ, නැගෙනහිර සිට බටහිරට හමන වෙළඳ සුළං, එහි පෘෟසඨයේ පවතින උණුසුම් මතුපිට ජලය ආසියාව දෙසට තල්ලු කරමින් බටහිර පැසිෆික් සාගරයේ ගොඩ ගසයි.

නමුත් වසර කිහිපයකින් වෙළඳ සුළං දුර්වල වේ. උණුසුම් පෘෂ්ඨීය ජලය නැගෙනහිර දෙසට ගමන් කරන අතර දකුණු ඇමරිකාවේ වෙරළට ඔබ්බෙන් සීතල ජලය ඉහළ යාම අඩු කරයි. දේශගුණ විද්‍යාඥයින් මෙය එල් නිනෝ ලෙස හඳුන්වයි. එහි දේශගුණික බලපෑම් වැඩි වශයෙන් පෙන්නුම් කරන්නේ ශීත සාතුවේ දී උතුරු ඇමරිකාව පුරා ය.

පැසිෆික් සාගරයේ සාමාන්‍ය දේශගුණ රටාවට සම්පූර්ණයෙන්ම වෙනස් වූ මෙම සංසිද්ධිය ලෝකය පුරා පවතින කාලගුණික තත්ත්වයන්ට දැඩිව බලපානු ලබයි. නියමිත කාලයකට වරක් සිදුවේයයි අපේක්‍ෂා කළ නොහැකි වුවත් සාමාන්‍යයෙන් එල් නිනෝ තත්ත්වයක් සෑම වසර 3-5 ට වරක් හෝ නැතහොත් වසර 5-7 කට වරක් හෝ ඇතිවිය හැකිය.

 

මෙම ලිපියෙහි අන්තර්ගත සිතියම් අල් ජසීරා වෙබ් අඩවියේ පළවූ Mapping the hottest temperatures around the world නම් ලිපියේ පල වූ සිතියම් අතරින් උපුටා ගන්නා ලදී



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි