×

යුවාන් වින්සෙන්ට් පෙරේස් මෝරා දිගු දිවිගමන නිම කරයි!

යුවාන් වින්සෙන්ට් පෙරේස් මෝරා 114 වන වියේ පසුවෙමින් සිටියදී ජිවිතයෙන් සමුගෙන ඇත.


සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 03 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දැනට ලොව වයස්ගතම පිරිමියා ලෙස ගිනස් වාර්තා අතරට එක්ව සිටි වෙනිසියුලානු ජාතික යුවාන් වින්සෙන්ට් පෙරේස් මෝරා 114 වන වියේ පසුවෙමින් සිටියදී ජිවිතයෙන් සමුගෙන ඇත.

එ බව එරට ජනාධිපති ‘නිකලස් මදුරෝ’ සිය එක්ස් ගිණුම ඔස්සේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

ඊයේ (02) රාත්‍රියේ ඔහු මිය ගොස් ඇති අතර, දරුවන් 11දෙනෙකුගේ පියෙක්වන ඔහු ගිනස් වාර්තා අතරට එක්වන විට මුනුබුරු මිනිබිරියන් 41ක්, මී මුනුබුරු මිනිබිරියන් 30 දෙනෙක් සිට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2022 පෙබරවාරි 4 වැනිදා ලොව වයස්ගතම පිරිමියා ලෙස ගිනස් වාර්තාවට එක්විය.

යුවාන් වින්සෙන්ට් පෙරේස් මෝරා ගිනස් පොතට ඇතුලත් කරන විට ඔහු ඔහුගේ වයස අවුරුදු 112 යි දින 253 ක් වූ බව වාර්තා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි