×

තෙරේසා මේ ගේ බ්‍රෙක්සිට් යෝජනාව පරාදයි.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ඉතිහාසයේ දරුණුතම පරාජය‍


මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය තුළ සලකා බැලිය යුතු කොන්දේසි සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ විසින් ගෙන ආ යෝජනාව, ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රමාණයකින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ පරාජයට පත් විය.

මෙම ගිවිසුමට විරුද්ධව ඡන්ද 230ක් ප්‍රකාශයට පත් විය. පාර්ලිමේන්තු මන්ත්‍රීන් 432 අතරින් 202ක් පමණක් අගමැතිගේ යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රතාශ කරන ලදී.

කාලයක් තිස්සේ යුරෝපා රටවල් ඒකාබද්ධ කිරීම සදහා ගොඩ නැගී තිබූ යුරෝපා සංගමයෙන් වෙන් වී වෙනම රාජ්‍යයක් ලෙස ක්‍රියා කිරීමේ අාදිනව සම්බන්ධව තෙරේසා මේ අගමැතිවරිය විසින් දැවැන්ත වැඩසටහනක් සහ ප්‍රචාරයක් වසර දෙකක කාලයක් සිදු කළ අතර මේ පිළිබදව ජාත්‍යන්තරව දිගු කාලයක් මුළුල්ලේ සාකකච්ඡාවට ද ලක් විය.

ආණ්ඩු පක්ෂයක් මෙතරම් ප්‍රමාණයකින් ඡන්දය පරාජය වූ බ්‍රිතාන්‍ය ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙය විම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින් විසින් තෙරේසා මේ අගමැතිවරියට විරුද්ධව විශ්වාස භංගයක් ගෙන ඒමට නියමිතව ඇත. එය සාර්ථක වුවහොත් තෙරේසා මේ හට සිය ධුරය අහිමි වනු ඇති අතර, හදිසි මහමැතිවරණයක් වෙත යාමට බ්‍රිතාන්‍යයට සිදුවනු ඇත.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම නීත්‍යානුකූල ලෙස සිදුකළ යුතුව තිබුණේ මාර්තු 29 වැනිදා පටන් ය.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයට බැඳුණේ 1975 වසරේ ජනමත විචාරණයක් මගිනි. එතැන් පටන් යුරෝපා සංගමය ප්‍රමුඛ යුරෝපා ආර්ථික හවුල, බ්‍රිතාන්‍ය ආර්ථිකයේ ප්‍රධාන ගාමක බලය බවට පත්ව තිබිණි.

කෙසේ නමුත් බ්‍රිතාන්‍යය පුරා පැතිර ගිය දක්ෂිණාංශික බලවේගවල දේශපාලන බලපෑම මත 2016 ජූනි 23 වැනිදා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම, ජනමත විචාරණයකින් උරගා බැලීමට සිදුවිය. එහිදී ඉතා සුළු වැඩි ඡන්ද ප්‍රමාණයක්, එනම් මහජනතාව අතරින් 51.9%ක් පවසා තිබුණේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවයි. මෙය තෙරේසා මේ නියෝජනය කරන කොන්සවේටිව් පක්ෂයට ඇති වූ ප්‍රබලතම අභියෝගය බවට පත්ව තිබිණි. මේ වන විට පෙනෙන්නට තිබෙන්නේ ඇයට ධුරය අහිමි කිරීමට පවා බ්‍රෙක්සිට් ප්‍රශ්නය සමත් වනු ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි