×

ගාසා තීරයේ දහස් ගණනක් දෙනා ආධාර මධ්‍යස්ථානවලට කඩා වැදී ආහාර රැගෙන යයි

සටහන – සශිකලා මධුෂාණී ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ දහස් ගණනක් දෙනා දකුණේ ගබඩා සහ බෙදාහැරීමේ මධ්‍යස්ථාන කිහිපයකට කඩා වැදී පිටි සහ අනෙකුත් මූලික සැපයූම් හා ආහාර රැගෙනයමින් ඇති බව පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන ඒජන්සිය (UNRWA) පවසයි. ඔවුන් මෙම තත්වය හදුන්වා තිබුණේ, සිවිල් සාමය බිඳ වැටීමට පටන් ගැනීමේ අවස්ථාවක් ලෙසයි. මේ වන […]


සටහන – සශිකලා මධුෂාණී

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ දහස් ගණනක් දෙනා දකුණේ ගබඩා සහ බෙදාහැරීමේ මධ්‍යස්ථාන කිහිපයකට කඩා වැදී පිටි සහ අනෙකුත් මූලික සැපයූම් හා ආහාර රැගෙනයමින් ඇති බව පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන ඒජන්සිය (UNRWA) පවසයි.

ඔවුන් මෙම තත්වය හදුන්වා තිබුණේ, සිවිල් සාමය බිඳ වැටීමට පටන් ගැනීමේ අවස්ථාවක් ලෙසයි.

මේ වන විට ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF)ට අනුව, ගාසා තීරයට බෝම්බ හෙලීම තීව්‍ර කර ඇති අතර යුද ටැංකි සහ හමුදා සම්බන්ධ කර ගනිමින් විශාල ගොඩබිම් මෙහෙයුමක් ආරම්භ කර තිබේ. ඊශ්‍රායල ගුවන් යානා හමාස් ඉලක්ක 450 කට වැඩි ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කර ඇති අතර මේ වනවිට ගාසා තීරයේ මරණ සංඛ්‍යාව 8,000 ඉක්මවා තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි