×

30,000කට අධික ගොවීන් සංඛ්‍යාවක් මුම්බායි නගරයට.

මෙම ගොවීන් පිරිස දින 6ක් පුරා නෂික් ප්‍රදේශයේ සිට කිලෝ මීටර් 167ක් පා ගමනින් මුම්බායි දක්වා පැමිණ සිටියහ.


30,000 කට අධික ගොවීන් සංඛ්‍යාවක් අද උදෑසන ඉන්දියාවේ ප්‍රධාන වෙළඳ නගරය වන මුම්බායි නගරයේදී එක් රැස් විය. ඒ තම නිෂ්පාදනයන්ට සාධාරණ මිලක් ලබා ගැනීමත් ගොවි ණය කපා හැරීමටත් ඉංදීය රජයට බල කිරීම සඳහාය . කුඩා දරුවන්, කාන්තාවන් මෙන්ම වැඩිහිටි ප්‍රජාවද මෙම පිරිස අතරේ සිටි අතර රජය විසින් පසුගිය වසරේ පෙරොන්දු වූ පරිදි සිය ණය කපා හැරීමේ පොරොන්දුන ඉටු නොකළ බවට ඔවුන් චෝදනා කරයි. මේ පිළිබඳව මහාරාෂ්ඨ පළාත් රජය ගොවීන් සමඟ විවෘත සංවාදයකට කැමැත්ත පල කර සිටියේය. මෙම ගොවීන් පිරිස දින 6ක් පුරා නෂික් ප්‍රදේශයේ සිට කිලෝ මීටර් 167ක් පා ගමනින් මුම්බායි දක්වා පැමිණ සිටියහ. පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හා අනෙකුත් සේවාවන් සඳහා බාධානොවන ලෙස අද දින උදෑසනින් මුම්බායි නුවර වෙත රැස් වීමට ඔවුන් වගබලා ගැනීම මෙහි කැපී පෙනුන සිදුවීමක් විය.

මෙම ගොවි වර්ජනය හේතුවෙන් මේ වන විට දින පහක් තිස්සේ මොවුන්ගේ සියළු කෘෂිකාර්මික කටයුතු අඩාල වී ඇත.

මෙහිදී විදෙස් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ගොවි නායක විජය නාවන්දියා ප්‍රකාශ කර තිබුණේ මේ වන විට කෘෂිකාර්මික ආදායම මෙන්ම කපු පුළුන්, ධාන්‍ය සහ මාංශ සඳහා රජයට ලැබෙන ආදායම අඩුවෙමින් පවතින බවත් ඊට රජය වගකිව යුතු බවත්ය. මෙම ගොවි වර්ජනය හේතුවෙන් මේ වන විට දින පහක් තිස්සේ මොවුන්ගේ සියළු කෘෂිකාර්මික කටයුතු අඩාල වී ඇත. ඉන්දියානු ජනගහණයෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් කෘෂිකර්මාන්තය ආශ්‍රිත රැකියා කරනු ලබයි.

නමුත් ඉන්දියානු දළ ජාතික ආදායමට කෘෂිකර්මාන්තයේ දායකත්වය 15ක් පමණකි. එමෙන්ම අඩු අස්වැන්නක් හේතුවෙන් ගොවීන්ගේ සිය දිවි හානිකර ගැනීමේ ප්‍රතිශතයද මේ වන විට වැඩි වෙමින් පවතින බව වාර්ථා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි