×

සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටී ප්‍රංශයේ තිදෙනෙකු මරුට!

ප්‍රංශයේ පැරිස් නුවර සිට කිලෝමීටර් 30ක පමණ දුරින් යුත් ප්‍රදේශයකට එම ගුවන් යානය කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


සැහැල්ලු ගුවන් යානයක් , ප්‍රංශයේ අධිවේගී මාර්ගයකට කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇත.

ප්‍රංශයේ පැරිස් නුවර සිට කිලෝමීටර් 30ක පමණ දුරින් යුත් ප්‍රදේශයකට එම ගුවන් යානය කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගුවන් යානය කඩා වැටීමත් සමග අදාළ අධිවේගී මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු ද ඇණහිට ඇති අතර කෙසේවෙතත් ගුවන් යානය කුමන හේතුවක් මත කඩා වැටී ඇත් ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.

facebook sharing buttonShare

twitter sharing buttonTweet



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි