×

ට්‍රම්ප් නිසා ඇපල් ලොක්කා නම වෙනස් කරයි!

ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාගේ සැබෑ නම ටිම් කුක් වන නමුත්, මේ වන විට ඔහුගේ ට්විටර් ගිණුමට ගොස් බලන අයට දැකගන්නට ලැබෙන්නේ ඔහු විසින් තම නම ‘ටිම් ඇපල්‘ ලෙස වෙනස් කර ඇති බව ය!


මේ පිටුපස සිටින්නේ අන් කිසිවෙක් නොව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ය!

ජනපති ට්‍රම්ප් කොහොමටත් නම් පටලවා කීමට දක්ෂයෙකි. බාගවිට ඔහු එසේ කරන්නේ අපහාසාත්මක ලෙස ය. තවත් විටෙක තමන් නිවැරදි බව පරම වශයෙන් අදහමින් වැරදි දේවල් කියයි.

ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දිනයක ධවල මන්දිරයේ පැවති American Workforce Policy Advisory Board හෙවත් ඇමරිකානු වැඩබිම් ප්‍රතිපත්ති පිළිබඳ උපදේශක මණ්ඩල රැස්වීමකදී ටිම් කුක්ගේ නම කියා තිබෙන්නේ ‘ටිම් ඇපල්‘ ලෙස වැරදියට ය.

“We’re going to be opening up the labor forces because we have to. We have so many companies coming in,” Trump says. “People like Tim — you’re expanding all over and doing things that I really wanted you to do right from the beginning. I used to say, ‘Tim, you gotta start doing it here,’ and you really have you’ve really put a big investment in our country. We appreciate it very much, Tim Apple.” යැයි ට්‍රම්ප් එහිදී කීවේය.

කොහොමටත් ඇපල් සමාගම සහ ධවල මන්දිරය අතර තිබෙන්නේ පරම හොඳ හිතක් නොවේ. සිය මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙළේදී ට්‍රම්ප් ප්‍රසිද්ධියේම කීවේ ඇපල් සමාගමේ නිෂ්පාදන වර්ජනය කළ යුතු බව ය. ඇපල් සමාගම විසින් සිය නිෂ්පාදන සෑදිය යුත්තේ ඇමරිකා එක්සත් ජනපදය තුළ පමණක් යැයි ද ට්‍රම්ප් එහිදී කීවේය.

2017 වසරේදී ට්‍රම්ප්, ඇපල් සමාගමට යන එන මං නැතිවන ආකාරයේ නව බදු පනතක් අත්සන් කළේය. එහි ප්‍රතිඵලයක් ලෙසට ඇපල් සමාගමට ඩොලර් බිලියන 100 ක නිෂ්පාදන ඇණවුම් අහිමි විය.

මේ අතර ටිම් කුක් ද ට්‍රම්ප්ට එරෙහිව වාග් ප්‍රහාර එල්ල කිරීමට පසුබට නොවෙයි. ඔහු නොබියව ට්‍රම්ප්ගේ පරිපාලන ප්‍රතිපත්ති විවේචනය කරන්නෙකි. මුස්ලිම් තහනම සහ සංක්‍රමණික පවුල්වලින් දරුවන් වෙන් කිරීම වැනි ට්‍රම්ප් විසින් සිය පාලන කාලය තුළ සිදුකළ භයානක වෙනස්කම් ටිම් කුක් නොබියව හෙළා දකියි.

කොහොම වුණත් ඇපල් ලොක්කා ද එයට කදිම පිළිතුරක් ට්විටර් හරහා ලබාදී තිබේ. ඔහු ට්‍රම්ප් කළ දේ කොයි තරම් විහිළුවක්දැයි පෙන්වීම සඳහා පසුදිනම සිය ට්විටර් ගිණුමේ නම ‘ටිම් ඇපල්‘ ලෙස වෙනස් කර ගත්තේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි