×

කින්ග් ඛාන් ගේ ඔටුන්න!

බොලිවුඩය තවමත් තම තාරුණ්‍යයෙන් මුසපත් කරන ඔහු!


කින්ග් ඛාන් කීවොත් ඕනෑම අයෙකු දන්නා හඳුනන ඔහු නමින් ශාරුක් ඛාන් ය. බොලිවුඩය තවමත් තම තාරුණ්‍යයෙන් මුසපත් කරන ඔහු අදටත් ඔහුගේ නාමය රැකගත් ගාම්භීර චරිතයකි. මේ කියන්න යන්නේ බොලිවුඩයේ සුපිරි නළු ශාරුක් ඛාන් ගැන අලුත් පුවතකි.

ඔහු මේ වන විට ඇමරිකාවේ TIME 100 හි පාඨක මත විමසුම් ලැයිස්තුවෙහි ප්‍රමුඛයා වීමට සමත් වී තිබේ. ඒ ඔහුගේ දක්ෂතාවය අදටත් රසිකයන්ගේ හඳවත සොරාගෙන ඇති බැවිනි.

මෙහි තවත් විශේෂතාවක් වන්නේ ඔස්කාර් සම්මානලාභී රංගන ශිල්පිනී Michelle Yeoh, ටෙනිස් ක්‍රීඩිකා Serena Williams, ෆේස්බුක් ප්‍රධාන විධායක නිලධාරී Mark Zuckerberg සහ බ්‍රසීල ජනාධිපති Luiz Inacio Lula da Silva අභිබවා යෑමට ඔහු හපනෙකු වීමයි.

ඔහු මෙම ජයග්‍රහණය මිලියන 1.2 ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගෙන ජයගෙන ඇති අතර දෙවන ස්ථානයේ සිටින ප්‍රසිද්ධ පුද්ගලයාට වඩා සියයට 4 ක වැඩි ඡන්ද ප්‍රමාණයක් ද ලබා ගෙන ඇත.

සටහන – නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි