×

ප්‍රේක්ෂකයන් 0 ක් සමග 2020 ටෝකියෝ ඔලිම්පික් සමාරම්භක උළෙල

තෝකියෝ 2020 ඔලිම්පික් උළෙල ඊයේ ආරම්භ වූයේ හිස් ප්‍රේක්ෂකාගාරයක් සමග ය. ඉතිහාසයේ මෙවැනි අත්දැකීමකට ඔලිම්පික් උළෙල මුහුණ දුන් පළමු වතාව මෙයයි.


අහස ආලෝකමත් කළ ගිනි කෙළි, රූපවාහිනියේ සජීවී විකාශය වෙනුවෙන්ම සැලසුම් කළ නර්තන රචන (choreography) සමග මුසු වූ හිස් ප්‍රේක්ෂකාගාරය කියා දුන්නේ ගෝලීය වසංගතයකට ක්‍රීඩාවේ උත්කර්ෂය කොතරම් දුරකට සොරාගත හැකි ද යන්නයි. නරඹන්නන් වෙතින් නැගෙන සජීවී ජයඝෝෂා හෝ දිරිගැන්වීම් කිසිවක් එහි නොවීය.

නමුත් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බාක් මෙසේ කීය.

‘‘ඔව්, මෙය අපි සියලු දෙනා බලාපොරොත්තු වූවාට වඩා හාත්පසින් වෙනස් තත්වයක්… නමුත් අද දවස බලාපොරොත්තුවේ නිමේෂයයි..‘‘

මෙවර ඔලිම්පික් ගිනි සිළුව දැල්වූයේ ජපන් ක්‍රීඩිකා නයෝමි ඔසාකා විසිනි.

පහත දැක්වෙන්නේ 2020 තෝකියෝ ගිම්හාන ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයේ දසුන් කිහිපයකි. ක්‍රීඩාංගනය අසල ඔලිම්පික් විරෝධතා ද දැකගන්නට ලැබිණි.

Photos: AFP



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි